Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව-ලේක්හවුස්-ඩී.එෆ්.සී.සී බැඩ්මින්ටන් ශූරතා දිනති

ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ සංකල්පයක් මත ලේක්හවුස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඩී.එෆ්.සී.සී. බැංකුව සහ හිල්ටන් හෝටලය යන ආයතන එක්ව සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් ලේක්හවුස් ක්‍රීඩා සංගමය මගින් මෙහෙයවන ක්‍රීඩා තරගමාලාවේ බැඩ්මින්ටන් තරගාවලිය පසුගියදා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.

‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකකින් පැවැති පිරිමි අංශයේ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමත් වූ අතර ‘බී’ කාණ්ඩයේ ශූරතාව ලේක්හවුස් කණ්ඩායම සතුවිය. මේ කාණ්ඩ ද්විත්වයේම අනුශූරතා ඩී.එෆ්.සී.සී. ක්‍රීඩකයන්ට හිමිවිණි.

කාන්තා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඩී.එෆ්.සී.සී ක්‍රීඩිකාවෝ සමත්වූ අතර අනුශූරතාව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවිය.

මේ අවස්ථාවට ලේක්හවුස් ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සුභාෂ් කරුණාරත්න (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී), ලේක්හවුස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළමනාකරු තිස්ස කුමාර, ඩී.එෆ්.සී.සී.බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, කළමනාකරු සුපිරි ශාඛා ජූඩ් අර්ජුන, ප්‍රධානී මානව සම්පත් සොනාලි ජයසිංහ, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සුබසාධක කළමනාකරු විපුල ගනේවත්ත, ක්‍රීඩා සභාපති සුගත් ලියනගේ මහත්ම මහත්මිහු සහභාගිවූහ.

 

ඡායාරූප - රංජිත් අසංක

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();