බෝට්ටු මඟින් නීතවිරෝධී ලෙස ඔස්ටේ්රලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමෙන් ඇති විය හැකි විපත් සහ දිගු කාලීන ප්‍රතිවිපාක ගැන අනතුරු ඇඟවීමේ ප්රයත්නයට එක්වන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටීම සඳහා මුහුදු මාර්ගයෙන් සිදු වන නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීම සඳහා වන ඔස්ට්‍රේලියාව මෙහෙයුමේ ප්‍රධානියා කොළඹ සහ මීගමුවේ අද(03) සංචාරය කළේය.
ඕස්ටේ්රලියාවේ ස්වෛරී දේශසීමා මෙහෙයුම භාරව කටයුතු කරන මේජර් ජෙනරාල් කේ‍්‍රග් ෆුරිනි මහතා පැවසුවේ 2013 සැප්තැම්බර් මාසයෙදී ස්වෛරී දේශසීමා වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ඔස්ටේ්රලියාව විසින් ශ්‍රී ලංකාව සමඟ එක්ව, මිනිස් ජාවාරමේ යෙදුණු බෝට්ටු 12ක පුද්ගලයන් 204 දෙනෙකු, ඔස්ටේ්රලියාවට ඇතුළු වීම වළක්වමින්, සාර්ථක ලෙස ආපසු හරවා එවීමට කටයුතු කළ බවයි.
”ඕස්ටේ්රලියාව ශ්‍රී ලංකා රජය සමඟ ශක්තිමත් හා ඵලදායී සම්බන්ධතාවයක් පවත්වනවා. දෙපාර්ශ්වය එක්ව මිනිස් ජාවාරම්වලට එරෙහිව සටන් කිරීමට අප කටයුතු කර තිබෙනවා. එසේම මෙම මිනිස් ජාවාරම්වලට හසුවිය හැකි පුද්ගලයන් දැනුවත් කිරීම මෙන්ම මිනිසුන් මුහුදේදී මිය යාම වැළැක්වීමට අපි එක්ව කටයුතු කරමින් සිටිනවා “ මේජර් ජෙනරාල් කේ‍්‍රග් ෆුරිනි පැවසීය.
“ඕස්ටේ්රලියානු බලධාරීන් විසින් විසින් පසුගිය මාසයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 13 දෙනෙකු රැගත් මිනිස් ජාවාරම්වලට සම්බන්ධ යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමෙන් පසු වහාම ශ්‍රී ලංකාවට ආපසු යවන ලදී. මෙම පුද්ගලයින් 13 දෙනා ශ්‍රී ලංකා බලධාරීන්ට භාර දී ඇති අතර ඊට අදාළ ව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මොවුන් 2019 වසමේ මැයි මාසයේ සිට ආපසු ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිමෙන තවත් යාත්‍රා දෙකක පුද්ගලයින් 25දෙනෙකු සමඟ එක්වේ.
”ඔස්ටේ්රලියාවේ දැඩි දේශසීමා ආරක්ෂණ ප්රතිපත්තිවලින් අදහස් කෙරෙන්නේ නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ගමන් කරන කිසිවෙකුට ඔස්ටේ්රලියාවේ ජීවත් වීමට හෝ වැඩ කිරීමට අවස්ථාවක් නොමැති බවයි.
නීතිවිරෝධී ගමනකට උත්සාහ කිරීමෙන් ඔවුනට ඔස්ටේ්රලියාවට නීතිමය වශයෙන් සංක්‍රමණය වීමට තිබිය හැකි අවස්ථාව ද ස්වයංක්‍රීයව අහිමි වනවා
ඔස්ටේ්රලියාව විසින් නීති විරෝධී සංක්‍රමණිකයන්ට එරෙහි ව ක්‍රියාත්මක කර ඇති ප්‍රබල ප්‍රතිපත්ති සහ එලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ටේ්රලියාවට සංක්‍රමණය වීමේ අන්තරායන් පිළිබඳව දැනුවත් කිරීම ඔස්සේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් මිනිස් ජාවාරම්වලට සම්බන්ධ වීම වළක්වාලීමේ අරමුණින් 2019 ජුනි මාසයේදී “සීරෝ චාන්ස්“ වැඩසටහනක් දියත් කරනු ලැබීයග මෙම සාර්ථක වැඩසටහන යටතේ රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් සහ ඩිජිටල් වෙළඳ දැන්වීම් ඔස්සේ ශ්‍රී ලංකාව පුරා ජනතාව වෙත
පණිවුඩය සමීප කෙරිණ.
මෙම ප්රචාරක වැඩපිළිවෙළට සහය දක්වමින් ඕස්ටේ්රලියාව චිත්‍රපට උළෙලක් සංවිධානය කිරීමට අදහස් කරන බව මේජර් ජෙනරාල් ෆුරිනි මහතා නිවේදනය කළ අතර එහිදී නීතිවිරෝධී සමුද්‍ර සංක්‍රමණවලට උත්සාහ කිරීමෙන් ඇති විය හැකි අනතුරු සහ එහි ප්‍රතිවිපාක පිළිබඳව කෙටි චිත්‍රපට නිෂ්පාදනය කොට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ට අවස්ථාව ලැබේ.
වර්තමාන සහ අනාගතයේ දී චිත්‍රපට නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන නැඟී එන නිර්මාණකරුවන්ට මෙම චිත්‍රපට උළෙලට සිය නිර්මාණ ඉදිරිපත් කරමින් ප්රචාරක ව්‍යාපෘතියේ අරමුණු සපුරාලීම සඳහා දායකත්වය දැක්වීමට හැකි වනු ඇති බව ෆුරිනි මහතාගේ අදහසයි.
”නීතිවිරෝධී මුහුදු චාරිකා යනු සිය ජීවිත පරදුවට තැබීමට හෝ සිය මුදල් නිරපරාදේ නාස්ති කිරීමටතරම් වටිනා දෙයක් නොවන බව ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට තේරුම් කිරීමට අප ගන්නා ඔහචැ සබාදජමපැබඑ එසඑකැ ඳ 2 උත්සාහය නතර නොකරන්නෙමු. එම පණිවිඩය ශ්‍රී ලාංකිකයන් වෙත ඉතා හොඳින් සමීප වනු ඇතැයි මා බලාපොරොත්තු වනවා. ̃
”නීති විරෝධී බෝට්ටු ගමන් යනු අරුතකින් තොර භයානක ක්‍රියාවක්. ඕස්ටේ්රලියාවට නීතිවිරෝධීව සංක්‍රමණය වීමේ කිසිඳු අවස්ථාවක් මොමැත මේජර් ජෙනරාල් කේ‍්‍රග් ෆුරිනි පැවසීය
0 Comments