ජාතියේ ටෙලි සම්මාන උළෙල රයිගම් ටෙලීස් සංවිධානය කරන ද කිංඩම් ඔෆ් රයිගම් වෙතින් මෙරට ප්‍රථම වතාවට සමාජ මාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලක් සංවිධානය කෙරේ.
මේ සම්බන්ධයෙන් ප්රවෘත්ති සාකච්ඡාවක් පසුගිය දා (18) ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි. එහිදි අදහස් දැක්වු එම ආයතනයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා මෙසේද පැවසිය.
රයිගම් ටෙලි සම්මාන උළෙලට මේවන විට වසර පහළොවක් වෙනවා. ඒ අත්දැකීම් සම්භාරය යොදාගෙන රූපවාහිනි මාධ්‍යයෙන් ඔබ්බට ගිය මෙම ජාතියේ සමාජ සමාජ විශිෂ්ටතා සම්මාන උළෙල සංවිධාන කටයුතු ආරම්භ කර තියෙනවා.
නූතන තාක්ෂණයේ ආගමනය සමගින් මාධ්‍ය ලොවෙහි ඇති වු නිර්මාණශීලි පෙරළිය ඇගයීම උදෙසා සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල සමාජ මාධ්‍ය වීඩියෝ නිර්මාණකරුවන් සඳහා ජාතික මට්ටමේ සම්මාන තිස් පහක් ප්රදානය කිරීමේ මෙහිදි සිදුවේ. වීඩියෝ විශිෂ්ටතා සම්මාන හා සමාජ මාධ්‍ය සම්මාන වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ මේ සම්මාන උළෙල පැවැත්වේ. වීඩියෝ විශිෂ්ටතා සම්මාන මියුසික් වීඩියෝ හා වෘතාන්ත වීඩියෝ ලෙස කාණ්ඩ දෙකකට බෙදා ඇත. එහිදි වසරේ විශිටතම මියුසික් වීඩියෝව,සංගීත අධ්‍යක්ෂණය,ගීත ගායනය හා ගීත රචනය සම්මාන පිදෙන අතර ක්රෙටිව් රිමාර්ක් මියුසික් වීඩීයෝ වන සඳහා විශිෂ්ටතම මියුසික් වීඩියෝව, නව සංගීත සංයෝජනය සහ ගීත ගායනය ඇතුළුව සමස්ත මියුසික් විඩියෝ විශිෂ්ටතා සම්මාන හතක් ලබා දීමට කටයුතු යොදා ඇත.
වෘත්තාන්ත වීඩියෝ විශිෂ්ටතා සම්මාන නවයක් ප්රදානය කෙරෙන අතර එහිදි විශිෂ්ටතම කෙටි චිත්‍රපටය, කෙටි චිත්‍රපට නළුවා, කෙටි චිත්‍රපට නිළිය,කෙටි චිත්‍රපට වීඩියෝකරණය, කෙටි චිත්‍රපට සංස්කරණය, කෙටි චිත්‍රපට පිටපත, වන් මිනිට් චිත්‍රපටය, හාස්‍ය උද්පාදක වීඩියෝව හා විශ්ෂ්ටතම වාර්තා වීඩියෝව සම්මාන නම් කැර ඇත. මෙහිදි ජනප්‍රිය විඩියෝ සම්මාන පහක් පිරිනැමීමද සිදු කෙරේ. මෙහිදි එවනු ලබන සියලුම අයැදුම් පත් හා වීඩියෝ නිර්මාණ Raigam SoMe Award චැනලයට සහ නිල වෙබ් අඩවියට යාවත්කාලීන කෙරේ. ප්‍රෙක්ෂක ජනතාවට මේ වෙබ් අඩවි වෙත පිවිස තම මනාප ප්‍රකාශ කළ හැකියි.
සමාජ මාධ්‍ය සම්මාන 12ක් මෙම උළෙලේ දී පිරිනැමේ. මෙම සම්මාන උළෙලේ විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස ජනමාධ්‍ය විෂයෙහි ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ කථිකාචාරවරයකු සහ උපදේශකයකු වන ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා කටයුතු කරයි.එහි සෙසු සාමාජිකයින් වනුයේ ප්‍රවීන සිනමාවේදීන් වන දිනිදු ජාගොඩ, බුඩි කීර්තිසේන, චමන්ද ගමගේ හා ප්‍රවීන සංගීත අධ්යක්ෂ ජගත් වික්‍රමසිංහ ඇතුළුත් වෙයි. මෙම සම්මාන උළෙලේ දී රයිගම් ටෙලීස් අනුව යමින් අගනා තිළිණ හා රුපියල් ලක්ෂ පහළොවක් ඉක්ම වන මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මෙම සම්මාන උළෙල ලබන ජනවාරි 11 ට්‍රේස් එක්ස්පර්ට් සිටිහී දි පැවැත්වේ. මේ අවස්ථාවට විනිසුරු මඩුල්ලේ සභාපති ආචාර්ය ටියුඩර් වීරසිංහ, ද කිංඩම් ඔෆ් රයිගම් හී ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ ගණක අමරසිංහ, ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිෂාන් තියඩොර්, සියත මාධ්‍ය ජ්‍යෙෂ්ඨ කළමනාකරු ප්‍රසන්න ජයනෙත්ති මහත්වරු එක්වූහ.
0 Comments