කොළඹ කොටුව බලා පැමිණීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 50කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා දෝෂයක් හේතුවෙන්.
මේ හේතුවෙන් තවදුරටත් දුම්රිය ප්‍රමාද වන අතර කඩිනමින් එය යථා තත්ත්වයට පත් කරන බව ද පාලක මැදිරිය සඳහන් කළේ ය.
එමෙන්ම දුම්රිය සේවකයින් ඊයේ මැදියම් රැයේ සිට අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරම්භ කලේය.
ඊට දුම්රිය නියාමක, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිටියි.
වේග සීමා ඇතුළු දුම්රිය වෘත්තීය ගැටළු මුල් කරගනිමිනුයි ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ.
ඒ සඳහා විසඳුමක් නොලැබුනහොත් එළැඹෙන 24 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සදහන් කලේය.
0 Comments