ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කරන දින ලෙස ඔක්තෝබර් 30, 31 සහ නොවැම්බර් 01 වනදා නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබන රජයේ සේවකයින්ට ඔක්තෝබර් 30 සහ 31 වනදා තැපැල් ඡන්ද භාවිතා කළ හැකි අතර මැතිවරණ ලේකම් කාර්යාලයේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ අය සඳහා නොවැම්බර් 01 වනදා වෙන් කර ඇත.
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පසුගිය 21 වනදා ආරම්භ කෙරුණු අතර ලබන 30 වනදා දක්වා ඊට අවස්ථාව තිබේ.
0 Comments