Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු ප්‍රහාරයට සැක 293ක් අත්අඩංගුවට - 115ක් රිමාන්ඩ්

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
 
එලෙස අත්අඩංගුවට ගත් අය අතරින්න් පුද්ගලයන් 115 දෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ අද(05) පැවැති මාධ්‍ය හමුවකදී ය. 
 
එසේම  සැකකරුවන් 178 රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලැබේ. ත්‍රස්තවාදී සැකකරුවන් හා ඔවුන්ට අනුබල දුන් පුද්ගලයින් 41කගේ බැංකු ගිණුම් 100ක ක්‍රියාකාරිත්වය මේ වන විට අත්හිටුවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. එම බැංකු ගිණුම් වල රුපියල් මිලියන 134කට අධික මුදලක් ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();