පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 31 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කලේය.
ඒ මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිමය කරුණු පුළුල් ලෙසට සහ තර්කානුකූලව බැලිය යුතු බැවිනි.
මෙම පෙත්සමට එරෙහිව පෙත්සමේ හතර වන වගඋත්තරකරු වන ජනාධිපති ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මගින් විරෝධතා ගොනු කළ බව ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණී ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
අද දින මෙම පෙත්සම විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු එස්. තුරෙයිරාජා සහ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනියගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.
මෙම පෙත්සමෙන් පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පති C.D.වික්‍රමරත්න, ජනාධිපති ලේකම්වරයා, කථානායක කරූ ජයසූරිය ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් නම් කර තිබේ.
0 Comments