ඉතියෝපියානු හමුදාවේ කාර්යය මණ්ඩල ප්‍රධානී ජනරාල් සාරේ මෙකෝනන් වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ජනරාල් මෙකෝනන්ගේ ආරක්ෂක නිලධාරියා විසින් අඩිස් අබාබා අගනුවරදී මෙම ඝාතනය සිදු කර ඇති අතර එය කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බවත් විදෙස් වාර්තාවන්හි සඳහන්.
ඝාතනය සිදු කළ ආරක්ෂක නිලධාරියා පසුව අත්අඩංගුවට ගත් බව ද සදහන්.
මේ අතර ඉතියෝපියාවේ අම්හාරා කලාපයේ නගරාධිපතිවරයා සහ ඔහුගේ උපදේශකයෙකු ද ඝාතනයට ලක්ව ඇත.
අම්හාරා කලාපයේ පාලනාධිකාරියට එරහිව දියත් කිරීමට උත්සහ දැරූ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනයන් සිදුව ඇති බවයි පැවසෙන්නේ.
එම කලාපයේ ආරක්ෂක ප්‍රධානියා විසින් කුමන්ත්‍රණය මෙහෙයවන බවට චෝදනා එල්ල වී තිබේ.
0 Comments