පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් 03වන දිනටත් අද (02) උපවාසයේ නිරත වෙති.
ශී‍්‍ර දළදා මාළිගාව ඉදිරිපිට උන්වහන්සේ මෙලෙස උපවාසයේ නිරත වන්නේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉවත් කරන ලෙස ජනපතිට බල කරමිනි.
නිරාහාරව උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් අයහපත් අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරු ඊයේ දිනයේ සදහන් කර තිබුණි.
උන්වහන්සේ බැහැ දැකීම සඳහා බොහෝ පිරිසක් උපවාසය සිදු කළ ස්ථානයට පැමිණෙමින් සිටින බව වාර්තාවේ.
0 Comments