කලමැටිය ධීවර වරායේ අද අළුයම ඇතිවූ ගින්න පිලිබදව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ නියමය පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත .
මේ පිළිබද සොයාබැලීම සදහා විශේෂ කණ්ඩායමක් කලමැටිය වෙත යැවීමටද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පියවර ගත්තේය .
ගින්න ඇති වූ ආකාරය , සිදුව ඇති හානි , පිඩාවට පත් ධීවර ජනතාව සහ ලබාදිය යුතු කඩිනම් සහන පිළිබද එම විමර්ශකයින් වාර්තාවක් ලබා දීමට නියමිතය .
මේ පිළිබද අදහස් දැක වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා. “ කලමැටිය ධීවර වරායේ අද අළුයම ඇති වූ ගින්න දැනගත් වහාම මම එම ගින්න මැඩපැවැත්වීම සදහා අදාළ අංශ දැනුවක් කර නිලධාරීන් කඩිනමින් යොමුකිරීමට කටයුතු කළා . ඊට අමතරව මේ පිළිබද සොයාබැලීමට විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මම වහාම කලමැටියට යොමුකලා . ගින්න ඇති වූ ආකාරය පිලිබදව වගේම ගින්නෙන් සිදුව ඇති හානිය ඔවුන් සොයාබලමින් සිටිනවා . දැනට ලැබී ඇති ඇති තොරතුරු අනුව බෝට්ටු 27 ක් ධීවර ආම්පන්න සමග සම්පුර්ණයෙන් විනාශ වෙලා .සිදුව ඇති හානිය තවමත් ගණන් බලා නැහැ . නමුත් සිදුව ඇති විනාශය ඉතා විශාලයි . මම පොලිසියට නියෝග කළා වහාම මේ පිළිබද විධිමත් පරීක්ෂණයක් කර ගින්න ඇති වූ අකාරය පිලිබදව සොයාබලන ලෙස . මොකද අපි ඉදිරි මාසයේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබු කලමැටිය ධීවර වරාය තුල තමයි මේ ගිනිගැනීම සිදුවෙලා තියෙන්නේ . විනාශ වූ බෝට්ටු සදහා මෙන්ම පිඩාවට පත්ව සිටින ධීවර ජනතාව සදහා කඩිනම් සහන සැලසීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා . අදාළ වාර්තා ලැබුණු වහාම අමාත්‍ය මණ්ඩලයට මේ පිළිබද දැනුම් දීලා අදාළ සහන ලබාදීමට කටයුතු කරනවා . මේ පිලිබදව රජය දැනුවත් කර රජයක් ලෙස වගේම අමාත්‍යංශය ලෙස දිය හැකි සියළු සහන ලබා දීමටත් . පිඩාවට පත්ව සිටින ධීවර ජනතාවට නැවත සිය කර්මාන්තයේ නිරතවීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත් කඩිනමින් කටයුතු කරන බව කියන්න ඕනේ , ඒ වගේම මම කලමැටිය වරායට ඉතාම ඉක්මනින් ගිහින් මේ තත්වය සොයාබැලීමට වගේම ලබා දිය යුතු සහන පිලිබදවත් කටයුතු කරනවා ”
0 Comments