අතුරුගිරිය පොලිස් වසමේ සංදෝරිස් ජයන්ති මාවතේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුනේ පුද්ගලයෙක් මිය ගොස් සිටිය දී සොයාගෙන ඇත.
අද (05) අළුයම 2.15 ට පමණ මෙලෙස පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් අතුරුගිරිය පොලීසිය වෙත ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක් වු කහංතොට පාර, මාලඹේ ලිපිනයේ පදිංචි මෙහොට්ටි ආරච්චිලාගේ රාහුල ජයසම්පත් නැමැත්තෙකි.
මෘත ශරීරය මේ වන හදිසි මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර අතුරුගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
0 Comments