අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාට්රක සභාව අද (4) සවස 3.00 සිට ප.ව 9.00 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම් ටිකිරි කේ ජයතිලක මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.
පළමු කාරක සභාව පසුගිය මැයි 29 දින රැස්වූ අතර අද දෙවැනි දිනට කාරක සභාව රැස් වෙයි. පසුගිය කාරක සභාවේ දී ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානි, කාරක සභාව හමුවේ සක්ෂි ලබාදීමට කැඳවා තිබුණි. මෙම කාරක සභාව ප්‍රථමවරට මාධ්‍ය වෙත විවෘත කර තිබුණි. එමෙන් ම අද (4) සවස පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිත ය.
The post පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව දෙවැනි දිනට අද රැස්වෙයි appeared first on Lanka News Column.
0 Comments