ෆේස්බුක් සමාජ මාධ්‍යය හරහා ශ්‍රී ලංකාව තුළ පණිවුඩ හුවමාරු කළ හැකි ග්‍රාහක සංඛ්‍යාව සීමා කර තිබේ.
ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළේ, ප්‍රචණ්ඩත්වය සහ ගැටුම් වර්ධනය වීමට හේතු විය හැකි වෛරී ප්‍රකාශ සංසරණය අවම කිරීම එහි අරමුණ බවයි.
එමෙන්ම, සිංහල භාෂාවෙන් පළ කෙරෙන ෆේස්බුක් සටහන් වෛරී ප්‍රකාශ දැයි පරීක්ෂා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය යෙදවීමට ද පියවර ගැනෙන අතර වසර මුල දී වට්ස් - ඇප් සමාජ මාධ්‍යය හරහා පණිවුඩ හුවමාරුවට ද මෙවැනි සීමාවක් පැනවිණ.
ගැටුම් වර්ධනයට හේතු විය හැකි ප්‍රකාශ පැතිරීම අවම කිරීම සඳහා සිය නිෂ්පාදනවල මූලික වෙනස්කම් සිදුකරන බවයි ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළේ.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් පණිවුඩයක් හුවමාරු කිරීම සම්බන්ධතා ගොනු 05කට සීමා වනු ඇති.
මේ අතර, ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජිව් යසිදු කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ වන වෛරී ප්‍රකාශ හඳුනා ගැනීම සඳහා ෆේස්බුක් ආයතනයේ කණ්ඩායමක් තමන් සමඟ කටයුතු කරමින් සිටි බවයි.
0 Comments