Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ත්‍රිපුද්ගල පරීක්ෂණ වාර්තාවේ සාක්ෂි විමසීම අවසන්

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ති‍්‍රපුද්ගල පරීක්ෂණ මණ්ඩල වාර්තාව එළඹෙන සතියේදී ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා පත් කෙරුණු ති‍්‍රපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ එම ප‍්‍රහාරය පිළිබඳ සාක්ෂි විමසීම මේ වනවිට අවසන් කර ඇති බවයි.

එම සාක්ෂි විශ්ලේෂණය කරමින් අවසන් වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතින බවයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.

මෙම ති‍්‍රපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩයි.

හිටපු පොලිස්පති එම්. කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන  පද්මසිරි ජයමාන්න එම ති‍්‍රපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරයි. 

මෙම ති‍්‍රපුද්ගල පරීක්ෂණ මණ්ඩලය විසින් මීට පෙර ජනාධිපතිවරයා වෙත අතුරු වාර්තා 02ක් ලබා දුන් අතර එම අතුරු වාර්තාවේ ඇතුළත් කරුණු ප‍්‍රසිද්ධියට පත් කරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ ද එය මෙතෙක් ප‍්‍රසිද්ධියට පත් කර නැහැ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();