Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුස්ලිම් මන්ත්‍රීවරුන් තමන්ගේ වගකීම් නැවත භාර ගන්න

Author(s): 
ඉන්දික පොල්කො­ටුව

රටෙහි වත්මන් තත්ත්වය සම්භන්ධයෙන් කරුණු 15ක් යටතේ ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය අස්ගිරි මහා විහාරයේ දී ඊයේ(5) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

දීර්ඝ වශයෙන් සිදු කළ සාකච්ඡා කිරීම් ඔස්සේ මෙම කරණු ඇතුළත් ලියවිල්ලක් ඊයේ කෙටුම්පත් කළ අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පසු අද(6) හෝ හෙට(7) එය ප්‍රකාශයට පත්කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමිපාණෝ කීහ. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම සාක්ච්ඡාව පැවැත්විණි. ප්‍රතිපත්තිමය හා ධර්මාන්විත වශයෙන් රජයටත් මහජනතාවටත් මෙමගින් කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අනුනාහිමියෝ කීහ. වර්තමානයේ රටෙහි සමාජ, ආර්ථික හා පාලන ක්ෂේත්‍රයන්හි මතුවෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබද මහජනතාවගේ අවිනිශ්චිතතාවක් මේ වන විට හටගෙන ඇතැයි විජිතසිරි හිමිපාණෝ මෙහි දී පැවැසූහ. සිංහල, දෙමළ, මුස්ලිම් හා අනෙකුත් මහජනතාව මේ මොහොතේ එකම බැඳීමකින් කටුයුතු කිරීමේ වැදගත්කම මෙහි දී මහා සඝරත්නය පෙන්වා දුන්හ.

මුස්ලිම් අමාත්‍යවරුන් මේ මොහොතේ ඉන් ඉවත්වීම නොවියයුතු දෙයක් බවත් ඒ නිසා තම තමන්ගේ වගකීම් භාර ගන්නා ලෙස මහා සංඝරත්නය ඉල්ලා සිටින බව ද අනුනාහිමියෝ කීහ.

මේ සම්බන්ධයෙන් එම නායකයන් සමඟ වෙන වෙනම සාකච්ඡා කිරීමට ද තීරණය කළ බව උන්වහන්සේ පැවැසූහ

ඒ වගේම යම් යම් චෝදනා ඉදිරිපත්වී ඇති ඇමැතිවරයකු ප්‍රභූවරයකු සිටී නම් ඒ අය සිය නිර්දෝෂි භාවය පෙන්නුම් කරන ලෙස ද විජිතසිරි හිමියෝ මෙහි දී පෙන්වා දුන්හ.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ ඇතිවූ අසාධාරණකම් භීෂණකාරී සිද්ධීන් තව දුරටත් වඩාවර්ධනය නොවිය යුතු බවත් ආර්ථික අර්බුදයකට මුහුණපා රටෙහි ජනජීවිතය කඩාවැටී අවිනිශ්චිතතාවක් තවදුරටත් ඇති නෙවිය යුතු බවත් උන්වහන්සේ පැවැසූහ.

මෙය මැනවින් අවබෝධ නොකරගතහොත් රටට බාහිර බලපෑම් ඇතුඵ වී නැවත වරක් රටෙහි සාමාකාමී පරිසරය නැතිවෙමින් ඉදිරියට භයානක ප්‍රතිඵලවලට මුහුණ පෑමට සිදුවනු ඇති බව ද අනු නාහිමියෝ කීහ.

මුස්ලිම් ජනතාව කෙරෙහි තමන් වහන්සේලාගේ වෛරයක් ක්‍රෝධයක් නැතැයි ද ඒ නිසා මේ කරණු හරිහැටි තේරුම්ගත යුතු බව ද විජිතසිරි හිමියෝ පැවැසූහ. මල්වතු අස්ගිරි අනුනාහිමිවරු අමරපුර රාමඤ්ඤ නිකායන්හි මහා ලේඛකාධිකාරි හිමිවරුන් ඇතුඵ පාර්ශ්ව ගණනාවක මහා සංඝරත්නය මේ සඳහා වැඩම කැර සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();