Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක්

වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 05 ක ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පවසයි.

ඇය පෙන්වා දෙන්නේ, කොළඹ , ගම්පහ, කළුතර , රත්නපුර, හා ගාල්ල දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ, දිවයින පුරා ඩෙංගු රෝගීන් 19000 කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ද සදහන්.

වෛද්‍ය ප්‍රශිලා සමරවීර සදහන් කළේ ඩෙංගු රෝගයෙන් වැළකීම සදහා අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසයි.

මේ අතර සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අද දිනයේ මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව සහ පළාත්වල ඇතැම් ප්‍රදේශවල මිලි මීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සඳහන් කළේ නිරිත දිග මෝසම ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් තවදුරටත් දිවයිනේ නිරිත දිග කෙටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් පවතින බවයි.

අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවලද තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සදහන්.

විශේෂයෙන්ම අකුණුවලින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට සැළකිල්ලෙන් ක්‍රියා කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();