Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු අප්‍රිකානු ජනපති හා අගමැති අතර සාකච්ඡා

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා (Cyril Ramaphosa) මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා අද (27) පෙරවරුවේ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී පැවැත්විණි.
 
නිල සංචාරයක් අතරතුර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජනාධිපති රම්පෝසා මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගුවන් තොටුපොලේ අති විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී පිළිගැනීමෙන් අනතුරුව කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කෙරිණි.
 
ඉන්දීය හා ශාන්තිකර සාගර කලාපයෙහි නිදහස් නාවුක ගමනා ගමනය හා සාමය ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධව මෙහිදී අවධානය යොමු කළ අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නව සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා විණි.
 
පාස්කු ඉරිදා මෙරට සිදු වූ ප්‍රහාරය ගැන සිය කණගාටුව පළ කළ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ඉදිරි පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය.
 
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා සමග 20 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණ සිටි අතර මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද සහභාගි විය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();