Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුරු කොරියානු නායක වෙත ට්‍රම්ප් ගෙන් ලිපියක්

(ක්‍රිසන්ති විතාරණ)
 
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් වෙත අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් පෞද්ගලික ලිපියක් ලැබී ඇති බව වාර්තා වේ. 
 
එම ලිපිය විශිෂඨ එකක් බවත් එහි අඩංගු දෑ පිළිබඳව තම දැඩි අවධානය යොමු කරන බවත් ලිපිය කිය වූ නායක කිම් එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය හරහා නිවේදනය කළේය. 
 
තමාට උතුරු කොරියානු නායකයා ගෙන් සුන්දර ලිපියක් ලැබුණ බව මේ මස මුල දී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. 
 
එහි අන්තර්ගතය පිළිබඳ අනාවරණය නොකෙරුන ද එය යම් උත්තේජනයක් සහිත එකක් වන්නට ඇති බව ඔහු විසින් උතුරු කොරියානු නායකයාට ලිපියක් යොමු කිරීමෙන් පෙනී යන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();