සාමාන්‍ය ජනතාවගේ ගෘහස්ථ දුරකථන අංකවලට ඇමතුම් ලබාදී ඔවුන් බිය වද්දා, ලබාගත් කප්පම් මුදල් බැංකු ගිණුම්වලට හා ඊෂි කෑෂ් මගින් ලබාගැනීම සම්බන්ධව පුද්ගලයන් දෙදෙනකු ඊයේ (24) සවස අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳව දීර්ඝ විමර්ශන පැවැත්වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 44ක් හා 31ක් වන පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.
මෙම සැකකරුවන් දෙදෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
0 Comments