ඉන්දියාවේ පසුගියදා පැවැති මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කාන්තාවෝ 78 දෙනෙකේ තේරී පත්ව සිටිති.
මෙය ඉන්දීය මැතිවරණ ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය බවට පත්ව තිබේ.
මෙම සියලුම කාන්තාවන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින පිරිමි මන්ත්රීවරුන්ට වඩා වසර 6 කට බාලය.
මන්ත්රීවරුන් 542 කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවට මෙවර තේරීපත්වූවන්ගෙන් සියයට 39 ක් පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වන්නන් වන අතර සියයට 38 ක් ගොවීන්ය.
0 Comments