Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එල්.ටී.ටී.ඊ. 3කට එරෙහි නඩුව අද සිට විභාගයට

කමනි අල්විස්

යුද හමුදාවේ අටදෙනෙකු සහ නාවික හමුදාවේ දහඅටදෙනකු ඇතුළු රණවිරුවන් විසහයදෙනකු සිරකරුවන් ලෙස රඳවාගෙන ඔවුන් ඝාතනය කිරීම පිළිබඳව එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් තිදෙනෙකුට එරෙහි නඩුව අද (25) සිට වව්නියාව මහාධිකරණ විනිසුරු රාමනාත් කන්නන් මහතා ඉදිරියේ දිනපතා විභාගයට ගැනෙයි.

දැනට රිමාන්ඩ් භාරයේ පසුවන ඉරසතු රායි තිරුවරල්, මඩියරාසන් සුලක්ෂණ, ගනේෂන් දර්ශ නමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තිදෙනා තවත් හඳුනා නොගත් පිරිසක් සමඟ එක්ව මෙම ඝාතන සිදුකර තිබෙන්නේ වසර 2009 ජනවාරි 16 දාය. පෙරේදා (23) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධි චෝදනා සංශෝධනයට අවසර ඉල්ලූ අවස්ථාවේ දී විත්තියේ නීතිඥවරු ඊට විරෝධය පළ කළද එම විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරු රාමනාත් කන්නන් මහතා ඊට අවසර ලබාදුන්නේය. මේ අනුව චෝදනා විසිහතක් (27) යටතේ නීතිපතිවරයා අධිචෝදනා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනෙවිය පැවැසුවාය.

මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතාය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();