(ක්‍රිසන්ති විතාරණ)
පසුගිය මාසයේ අතුරුදන් වූ කඳු තරණය කරන්නන් අතරන් හත් දෙනකු ගේ සිරුරු හිමාලයේ දී හමු වූ බව නිලධාරිහු පවසති.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දැක් වූ ඉන්දීය නිලධාරීන්ට අනුව අටවැන්නා ගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
ඉන්දියාවේ දෙවැනි උසම කන්ද තරණය කිරීමේ උත්සාහයක නිරත වූ මෙම කණ්ඩායමට බ්‍රිතාන්‍ය ජාතිකයින් හතරක්, අමෙරිකානුවන් දෙදෙනකු, ඕස්ට්‍රේලියානු ජාතිකයකු සහ ඉන්දියානුවකු ඇතුළත්ය. ඔවුන් නන්දා දේවි ආසන්නයේ ග්ලැසියර් දෙකක් අතර අතුරුදන් වූයේ පසුගිය මාසයේ දීය.
0 Comments