ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී එංගලන්තය පරදා ශ‍්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණයත් සමග මේ වනවිට තරගාවලියේ අවසන් කණ්ඩායම් 04 අතරට තේරී පත්වීමට කණ්ඩායම් 07ක් අතර උණුසුම් තරගයක් හට ගෙන තිබේ.
ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තරග 06කදී ප‍්‍රසාද ලකුණු 11ක් ලබා සිටින නවසීලන්තයට හිමිව ඇති අතර තරග 06කදී ලකුණු 10 ක් සමග ඕස්ටේ‍්‍රලියාව පසුවන්නේ එහි දෙවන ස්ථානයේයි.
තරග 05කදී ප‍්‍රසාද ලකුණු 9ක් සමග ඉන්දියාව 03වන ස්ථානයේ පසු වෙයි.
මෙම කණ්ඩායම් 03ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් ඇති නමුත් ඔවුන් සියලූ දෙනාට එකිනෙකා සමග තරග වැදීමට සිදුව තිබීම විශේෂත්වයක්. එංගලන්තය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය ඉදිරි තරග තුනේදී ලබන ප‍්‍රතිපල මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය කෙරෙනු ඇති.
0 Comments