Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුරුණෑගලට සහ හෙට්ටිපොළට විශේෂ පොලිස් කණ්ඩායම්

කුරුණෑගල සහ හෙට්ටිපොළ ප්‍රදේශ වල ඊයෙ(14) ඇති වූ නොසන්සුන්කාරී තත්වය මත එම ප්‍රදේශ වලට විශේෂ පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

එම විශේෂ පොලිස් කණ්ඩායමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු , පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරිවරුන් අට දෙනෙකු ඇතුලු පොලිස් කණ්ඩායම් කිහිපයක් ද විමර්ශන සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් කොළඹ ප‍්‍රදේශයේ පොලිස් අධිකාරීවරයකුගේ අධීක්ෂණය යටතේ තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් ද අනුයුක්ත කර ඇති බවට රුවන් ගුණසේකර මහතා වැඩි දුරටත් පැවසීය.

විශේෂයෙන් මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලට සම්බන්ධව අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට ඉදිරියේදී රැකීයාවකට හෝ , විදේශ ගතවීමකට අවශ්‍ය පොලිස් වාර්තා ලබා ගැනීමේ දී ඔවුන්ගේ එම වාර්තාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවකට සම්බන්ධවී අත්අඩංගුවට ගත් පුද්ගලයකු බවට සඳහන් කර එම වාර්තාව ලබා දෙන ලෙසට සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

The post කුරුණෑගලට සහ හෙට්ටිපොළට විශේෂ පොලිස් කණ්ඩායම් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();