Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමති රිෂාඩ්, අසාද්සාලි හා හිස්බුල්ලාට එරෙහිව පෝස්ටර් හා බැනර් ඇලවේ‍

අන්තවාදි ත්‍රස්තවාදයට සම්බන්ධතා ඇති බව පවසමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන හිස්බුල්ලා සහ අසාද්සාලි යන අය වහාම එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ඉල්ලා වවුනියාවේ සිංහල, දෙමළ ප්‍රදේශ රැසක පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කොට ඇත.

වන්නි දෙමළ ජනතාව, ගුඩ්සෙඩ් දෙමළ තරුණ සංගමය හා වන්නියේ සිංහල අපි යන සංවිධාන විසින් අදාළ  පොස්ටර් හා බැනර් වවුනියාවේ පොදු ජනතාව ගැවසෙන ස්ථාන වල හා මහා මාර්ගවල මෙන්ම මංසන්ධිවල ප්‍රදර්ශනය කොට ඇත.

අදාළ  පෝස්ටර් හා බැනර් මගින් පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවද බිල්ලට දෙමින් ත්‍රස්තවාදී අන්තවාදය සමඟ සම්බන්ධතා ඇති අදාළ  අමාත්‍යවරයා හා ආණ්ඩුකාරවරුන් වහාම එම තනතුරු වලින් ඉවත් කිරීමට රජය විසින් පියවර ගත යුතු බවටය.

 


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();