2019 වර්ෂය සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අයවැය යෝජනා අනුව විදේශ ගමන් බලපත්‍ර ගාස්තු හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.
ඒ අනුව රුපියල් 3000ක්ව පැවති සාමාන්‍ය සේවය රුපියල් 3500ක් වේ. වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා වසර 03ක් සඳහා බලපත්‍රය නිකුත් කිරීමට මෙතෙක් අයකළ රුපියල් 2000ක මුදල රුපියල් 2500දක්වා ඉහළ දමා තිබේ.
රුපියල් 10000ක්ව පැවති එක්දින සේවය රුපියල් 15000ක් වන අතර එක්දින සේවාව තුළින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා වසර 03ක් සඳහා බලපත්‍රය නිකුත් කිරීමට මෙතෙක් අයකළ රුපියල් 5000ක ගාස්තුව හෙට සිට 7500 දක්වා වැඩි කෙරේ.
ගමන් බලපත්‍රෙය් වෙනස්කම් සිදු කිරීම සදචහා එක් වෙනස් කිරීමක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 500ක ගාස්තුව දෙගුණයකින් ඉහළ දමා තිබේ.
0 Comments