Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැලණිය සරසවිය වසා දැමේ

රාගම වෛද්‍ය පීඨය හැර කැලණිය සරසවියේ සියළුම පීඨ අද(30) පෙරවරු 10.00 සිට තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

රටේ පවතින ආරක්ෂක තත්වයට අනුගත නොවී විශ්ව විද්‍යාල පරිපාලනය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ඇතැම් තීරණ වලට සුළු ශිෂ්‍ය කණ්ඩායම් කිහිපයකින් එල්ල වු විරෝධතා හේතුවෙන් මෙම තීරණය පාලනාධිකාරිය විසින් ගෙන ඇත.

විශ්ව විද්‍යාලය නැවත විවෘත කරන දිනය පසුව දැනුම් දෙනු ඇත.

කෙසේ වෙතත් විශ්ව විද්‍යාලය මගින් පවත්වන සති අන්ත පාඨමාලා සුපුරුදු පරිදි පැවැත්වෙන බව ද පාලනාධිකාරිය පවසයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();