Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රිෂාඞ් සියලු තනතුරුවලින් පහ කළ යුතුයි – ඊ.පී.ආර්.එල්.එෆ්

රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවේදී අමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය තීරණය කොට ඇති බව වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පැවසීය.

පක්ෂ සාකච්ඡුාවකදී ගත් තීරණයකදී ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා ද ඊට එකඟ වූ බව පවසන සිවශක්ති ආනන්දන් මහතා මෙහිදී රිෂාඞ් අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට ඔහු වැරදිකරු වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව ද කියා සිටියේය.

ඒ අන්දමට ඔහු වැරදිකරුවකු වුවහොත් අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා විසින් රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා සියලූම තනතුරුවලින් පහ කළ යුතුය යන මතයේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය සිටින බව ද සිවශක්ති ආනන්දන් මහතා කියා සිටියේය.

රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ නම් අනිවාර්යෙන්ම ඔහු සියලූ තනතුරුවලින් ඉවත් කොට ස්වාධීන පුද්ගලයකු බවට පත් කොට පරීක්ෂණ ආරම්භ කළ යුතු බවට ද ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය යෝජනාවක් ඉදිරිපත් කරයි.

එය එසේ නොවුවහොත් ඔහු සිය අමාත්‍ය ධුරයේ බලතල උපයෝගී කරගෙන විවිධ පුද්ගලයින්ට හා පාර්ශ්වවලට යම් යම් බලපෑම් කළ හැකි බව ශිවශක්ති ආනන්දන් මහතා වවුනියාවේදී පැවසීය.

බදුර්දීන් අමාත්‍යවරයාට මේ අවස්ථාවේදී විරෝධය පළ කළ යුතු වන්නේ ජාතිවාදී ස්වරූපයකින් නොව ඔහු විසින් සිදු කරන ලද වැරදි පදනම් කරගෙන බව ද මන්ත‍්‍රීවරයා මෙහිදී ස`දහන් කළේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();