Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසුරුවයි

ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සභාග ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකිවීම ඊට හේතු වී ඇත.
 
ඒ අනූව නව මහ මැතිවරණය ලබන සැප්තැම්බර් මස 17 වැනිදා පැවැත්වීමට නියමිතය. 
 
ඉකුත් මාසයේදී පැවති මහ මැතිවරණයෙන් අනතුරුව නව දක්ෂිණාංශික රජයක් පිහිටුවීමට අදාළ සම්මුතියකට එළැඹීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහු අසමත් විය. 
 
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ යෝජනාවලිය 74ට 45ක් ලෙස සම්මත වූයේ ඊයේ දිනයේදීය. ආසන 120කින් සමන්විත ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අප්‍රේල් මස පැවති මැතිවරණයේ දී නෙතන්යාහුගේ ලීකූඩ් පක්ෂයට ලබාගත හැකි වූයේ ආසන 35ක් පමණි.
 
 ඊශ්‍රායල ඉතිහාසයේ සභාග ආණ්ඩුවක් පිහිටුවීමට අසමත් වූ පළමු වතාව ලෙස ද මෙය සැලකේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();