Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනවසර වැලි කැනිම් සිදු කරන ස්ථාන වැටලිමට විශේෂ මෙහෙයුමක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ අනවසර වැලි කැනිම් සිදු කරන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන වැටලිම සඳහා භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සහ වලාන දුෂණ මර්ධන ඒකකයේ සහාය ලබා දීමට කටයුතු කර තිබෙන බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව අද දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ අනවසර වැලි කැනිම් කටයුතු වැටලිම සඳහා මෙම මෙහෙයුම් සිදු කරන ලද අතර, එහිදී වැලි කැනිම් කටයුතු සිදු කරනු ලබන ස්ථාන පරික්‍ෂා කරන ලදි. එහිදි වැලි කැණිම් සඳහා නිකුත් කර ඇති බලපත්‍ර පරික්‍ෂා කිරීම ද සිදු කරනු ලබන අතර, ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැනිම් කටයුතු සිදු කරන ස්ථාන රැසක් ආවරණය වන පරිදි මෙම සෝදිසි‍ මෙහෙයුම් සිදු කරන ලදී. එහි අරමුණ වූයේ වැලි කැණිම් කටයුතු සිදු කිරීමෙන් සිදු වන පරිසර හානිය අවම කර ගැනීම වන අතර, එමඟින් පරිසර පද්ධතිය සුරක්‍ෂිත කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙහිදි ත්‍රිකුණාමලය, උප්පාරු පාලම අසල බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඔවුන් වැඩිදුර පරික්‍ෂණ කටයුතු සඳහා ‍සේරුනුවර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

එමෙන්ම, පරිසර පද්ධතිය ආරක්‍ෂා කර ගැනීම ශ්‍රී ලාංකීක අප සියළුදෙනාගේම වගකිමක් සහ යුතුකමක් වන අතර, ඒ සඳහා සියළුදෙනා අත්වැල් බැඳ ගනිමින් කටයුතු කළ යුතු බවද නාවික හමුදාව පෙන්වා දෙයි.

The post අනවසර වැලි කැනිම් සිදු කරන ස්ථාන වැටලිමට විශේෂ මෙහෙයුමක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();