ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික, දේශපාලන, යුද බලය වෙනුවෙන් පවතින බල පොරයේ එක පාර්ශවයක් ගැනීම හරහා ලංකාවේ ජනතාවගේ ජීවිත අවදානමේ හෙලීමට මෙතෙක් රට පාලනය කළ ආණ්ඩු සියල්ලම පාහේ කටයුතු කර බවත්. මේ මොහොතේත් ජනාධිපති වරයා චීනයට පක්ෂපාතීත්වය පෙන්වන අතර අගමැතිවරයා ACSA, SOFA වැනි යුද සහයෝගීතා ගිවිසුම් මගින් එක්සත් ජනපදයට සහය පල කරයි. මේ අනතුරට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණයක් අද(31) දින සවස 4.00 ට කොටුව දුම්රිය පල ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
The post ආණ්ඩුවේ විදේශ ප්රතිපත්තියට විරුද්ධව පෙරටුගාමීන් පාරට බසී appeared first on Lanka News Column.
0 Comments