බොහෝ පාසල්වල ඊයේ (14) සිසුන්ගේ පැමිණීම 50% පමණ වූ බව විදුහල්පතිවරු පවසති.
රට පුරා ග්‍රාමීය පාසල්, කොළඹින් බැහැර ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙන්ම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි පාසල්වල සිසුන්ගේ පැමිණීම ද මෙසේ වර්ධනය වී තිබුණි. එසේම එම පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම ද වර්ධනය වී තිබුණි.
සතියක කාලයක් ඇතුළත පාසල්වලට සිසුන්ගේ පැමිණීම ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව බොහෝ විදුහල්පතිවරු හා ගුරුවරු පැවසූහ. පාසල්වල හා ඒ අවට ආරක්ෂාව තහවුරු වී ඇති බැවින් දරුවන් පාසල්වලට එවන ලෙසත්, ඔවුහු මවුපියන්ගෙන් ඉල්ලා සිටිති.
ආරක්ෂක අංශ දිනපතා පාසල් ආරම්භ වීමට පෙර පාසල් භූමි සහ ගොඩනැඟිලි පරීක්ෂා කැර බලන බවද, පාසල් ආරම්භ වීමෙන් පසු පාසල් කාලය පුරාත් පාසල්වලට ආරක්ෂාව සපයමින් සිටින බවද, මවුපියන් ඔවුන්ට නියමිත කමිටුවල කටයුතු කරමින් පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් තම කාර්යභාරය ඉටු කරමින් සිටින බවද විදුහල්පතිවරු පවසති. මෙම කාර්යය සඳහා ගුරුභවතුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද දායකත්වය ලබා දෙති.
සිසුන්ට අමතරව ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද දිනපතා පාසල් පරිශ්‍රයට ඇතුළත් කර ගනු ලබන්නේ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව ය.
එසේම, පාසල ඇතුළත ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වන බව පාසල්වලට පැමිණ සිටි මවුවරු ද පැවසූහ. තමන් සියලුම මවුපියන්ට පවසන්නේ පාසල්වල ආරක්ෂාව තහවුරු වී ඇති දරුවන් පාසල්වලට එවන ලෙස යැයි ද ඔවුහු පැවසූහ.
පාසල්වල ආරක්ෂාව සඳහා පාසල් වෑන් රථ හා බස් රථ ගාල් කිරීම සඳහා වෙනත් ස්ථාන සකස් කොට ඇත. එසේම, ප්‍රධාන නගරවල ආරක්ෂාව සඳහා යුද හමුදාව, විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය යොදවා තිබේ.


0 Comments