Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බන්ධනාගාර ආරක්‍ෂාවට STF ඉල්ලයි

(බුද්ධිකා ඉඹුලාන)
වැලිකඩ ,මැලසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකයේ සේවා  ලබා දෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
 
 මත්ද්‍රව්‍ය ඇතුලු නීතිවිරෝධී ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ගෙන යාම වැළැක්වීම සඳහා මෙම විහේෂ බලකා නිළධාරින්ගේ සේවාව ලබා දීම වැදගත් වන බව මෙම ලිපිය මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත .‍ 
 
මේ වන විට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ පමණක් පොලිස් විශේෂ කාර්ය බලකයේ සේවා  නිළධාරින් යොදවා ඇතිඅතර එම නිළධාරින් විසින්තහනම් දුව්‍ය එම බන්ධනාගාරය තුළට යාම වලක්වාලමින් දැඩි පරික්ෂා කිරීම් සිදු කරයි. අවස්ථා ගණනකදීම මෙම පරික්ෂා කිරීම්වලදී එවැනි ද්‍රව්‍ය අත්අඩංගුවටද ගෙන තිබේ.
 
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී බන්ධනාගාර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා පැවැසුවේ මෙම ලිපියට ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉක්මන් ප්‍රතිචාර ලැබෙනු ඇති බවයි.රජයේ  මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට බන්ධනාගාරය තුළින්ද විශාල කාර්ය භාරයක් ඉටු කළ යුතුව ඇති බැවින් මෙම පියවර ගත යුතුව ඇතැයිද ඒ මහති කියයි. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();