Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෙලාන් බැංකුවෙන් SOS දරුවන්ට පුහුණුව මූලික කරගත් රැකියා

2 පෙබරවාරි, 2019

නවීනතම තාක්ෂණය, නිර්මාණශීලී විසඳුම් හා විශිෂ්ට සේවාවන් සමගින් බැංකු ක්ෂේත්‍රයට ආදර්ශයන් සපයමින්, ගනුදෙනුකරුවන්ට විශිෂ්ට මට්ටමේ සේවාවක් සැලසීම සෙලාන් බැංකුවේ මූලික අරමුණයි. මේ වනවිට සෙලාන් බැංකුවේ ශාඛා 170ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති අතර ගනුදෙනුකරුවන්ට බෙහෙවින් වැදගත් වන ස්ථාන ආවරණය වන පරිදි ඒ ටී එම් යන්ත්‍ර 200කට අධික ප්‍රමාණයක් ද ස්ථාපිත කර ඇත. සිය ඩිජිටල් තාක්ෂණ භාවිතාවේ විශිෂ්ටත්වය වෙනුවෙන් අන්තර්ජාතික තලයේදීද ඇගයීමට ලක්වී ඇති සෙලාන් බැංකුව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, සමාගම් හා ආයතන අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින බැංකුවකි.

සිය සමාජ මෙහෙවර තවදුරටත් පුළුල් කිරීමේ පියවරක් වශයෙන්, පසුගිය වසරේ නත්තල් සමයේදී සියලු ශ්‍රී ලාංකිකයන් වෙත සතුට බෙදාදීමේ අරමුණ ඇතිව සෙලාන් බැංකුව විසින් ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ, සෙලාන් බැංකුවේ ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් විසින් සිදුකරන ලද ගනුදෙනු වලින් කිසියම් ප්‍රතිශතයක් පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් බැරකිරීමට පියවර ගැනිණි.

ඒ අනුව ප්‍රවර්ධන කාලසීමාව අවසානයේදී ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සඳහා රු. මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ දරුවන් 6 දෙනෙකුට පුහුණුව මූලික කරගත් රැකියා අවස්ථා ලබාදීමටද සෙලාන් බැංකුව පියවර ගෙන තිබෙන අතර මෙම දරුවන්ට මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ දැනුම සහ සමාජ වටිනාකම් සම්බන්ධ පුළුල් පුහුණුවක් ලැබෙනු ඇත.

උසස් ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙමින් දරුවන්ගේ මනස පෝෂණය කිරීම අරමුණු කරගෙන, 2013 වසරේදී සෙලාන් පැහැසර වැඩසටහන ආරම්භ කරන ලදි. අඩු පහසුකම් සහිත පාසල්වල පුස්තකාල අලුත්වැඩියා කිරීම හෝ අලුතින් පුස්තකාල ඉදිකිරීම මෙම වැඩසටනේ ප්‍රධානතම ඉලක්කය වේ. ආරම්භයේ සිට මේ දක්වා සෙලාන් පැහැසර වැඩසටහන යටතේ පුස්තකාල 180 කට අධික සංඛ්‍යාවක් ඉදිකර හෝ වැඩිදියුණු කර ඇත. ඊට අමතරව සෙලාන් බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම වන සෙලාන් ටිකිරි ගිණුම මගින් දරුවන්ට ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවීමටත්, යහපත් ගුණාංග ඇති කිරීමටත් ඒවා බෙහෙවින් දායක වී ඇත.

ඉදිරියටත් ශ්‍රී ලංකාවේ sos ළමා ගම්මාන වැඩසටහනට සහය දැක්වීමට සෙලාන් බැංකුව කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාවේ sosළමා ගම්මාන වැඩසටහන තුළ දරුවන් 950කට අධික සංඛ්‍යාවක් රැකවරණය ලබන අතර ඔවුන්ට වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා යාපනය, මොනරාගල සහ අනුරාධපුර යන ප්‍රදේශවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

 

ඡායාරූප - ගයාන් පුෂ්පික

චන්දිමා එදිරිමාන්න



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();