රේගුවේ අභිවෘද්දීය වෙනුවෙන් කැප වී කටයුතු කළ රේගු අධ්යක්ෂ ජනරාල්වරිය නැවත සේවයේ පිහිටුවන ලෙස රේගු වෘත්තිය සමිති සන්ධානය රජයෙන් ඉල්ලා සිටි.
රේගුව තුළ උද්ගතව ඇති තත්ත්වයට කඩිනම් පිළියමක් නොලද හොත් මෙතෙක් සිදු කළ සාමාන්‍ය සේවා වලින්ද ඉවත් වීමට සිදුවන බව අවධාරණය කරන එම සන්ධානය රේගු අධ්‍යක්ෂක ජනරාල් වරිය එම තනතුරෙන් ඉවත් කරලීමට දේශපාලන මැදිහත් වීම කටුයතු කර ඇති බව කියා සිටියේය.
ඔවුන් මේ බව කියා සිටියේ අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිණි.
කැබිනට් මණ්ඩලයෙන් අනුමත වී ඇති වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉවත් කරන ලෙස ඉල්ලා සිටින එම සන්ධානය එමෙන්ම මේ වන විට යහපාලන රජය රේගු අධ්‍යක්ෂක ජනරාල්වරුන් පස් දෙනෙකු පත් කර ඇති බවත් ඉන් පස්වෙනියා ලෙස පත් වූ රේගු අධ්‍යක්ෂක ජනරාල් චාල්ස් මහත්මිය රේගුවේ උන්නතිය වෙුනවෙන් කැප වී කටයුතු සිදු කළ බවත් කියා සිටියේය.
රේගුව වසරකට රුපියල් ට්‍රිලියනයක පමණ ආදායමක් උපයන බව පෙන්වා දෙන රේගු වෘත්තිය සමිති සන්ධානය සැළසුමකට අනුව කටයුතු සිදු කළ යුතු ස්ථානයක් වන රේගුවට නිසි කළමණාකරණ හැකියාවක් ඇති අධ්‍යක්ෂක ජනරාල්වරයකු පත් කළ යුතු වන බවද පෙන්වා දෙයි.
දේශපාලන හේතු මත ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනි සිටිමින් හිටපු රේගු අධ්‍යක්ෂක ජනරාල්වරිය කටයුතු නොකල බව පෙන්වා දෙන එම සන්ධානය නැවත අධ්‍යක්ෂක ජනරාල්වරිය සේවයේ පිහිටුවා සාකච්ඡා සිදු කළ යුතු වන බවත් ඉන් පසුව ගත යුතු තීරණ ගැනීමට එකගත්වය පළ කරන බවත් කියා සිටි.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ රජය සමග සාකච්ඡා කිරිමට සූදානම් බවත් එසේ සාක්ඡා සිදු කරන්නේ නැතිනම් අද සවස ලබන අගහරුවාදා (05) සිට ගත යුතු වෘත්තිය ක්‍රියාමාරග් සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බවද කියා සිටියේය.
මේ අවස්ථාවට රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ සභාපති ටී රවීන්ද්‍ර රාජා,රේගු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති මුදිත ජයසිංහ,රේගු නිලධාරින්ගේ සංගමයේ සභාපති දිනුෂ හෙට්ටිආරච්චි,සම ලේකම් සමීර වික්‍රමසිංහ,රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ සභාපති සුදත් ද සිල්වා, ලේකම් විපු මිනුවන්පිටිය යන මහක්වරුන් ඇතුලු නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.
0 Comments