බොහෝ දෙවිදුහල් අතර වාර්ෂික සංවිධානය වන මහා ක්‍රිකට් තරගාවලියන් හී අසිරිය පාපන්දු පිටියට ගෙන එමින් මෙරට බිහි වු විශිෂ්ටතම අධ්‍යාපනඥයන් දෙදෙනෙකු වන රැල්ෆ් අලස් සහා නෙවිල්ද අල්විස් යන මහත්වරුන් අනුස්මරණය කරමින් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර රත්මලාන ගේට්වේ ජාත්‍යන්තර පාසල් නව පාපන්දු ක්‍රීඩාංගනයේදී නිමා වු පාපන්දු තරගාවලියෙන් ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ගෝල 5 – 1 ක විශිෂ්ට ජයක් වාර්තා කරන්නට ගේට්වේ ජාත්‍යන්තර පාසල් ක්‍රීඩකයෝ සමත් වූහ.
එහිදී තරගය ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණශීලි ක්‍රීඩා කෞශල්‍යයක් පෑ ගේට්වේ පාසල් ක්‍රීඩකයන් පිට පිටම ශාන්ත තෝමස් දැල අක්‍රමණය කිරීම කැපී පෙනිණී. ශාන්ත තෝමස් ක්‍රීඩකයන් වෙත තරග අරම්භයේ සීටම දියත් කළ පීඩනයේ දැඩි පසක් කරමින් තරගයේ පළමු අර්ධයේම ගෝල ද්විත්වක් ලබාගැනීමට ගේට්වේ ක්‍රිඩකයෝ සමත් වූහ.
තරගය ආරම්භවී 19 වැනි මිනිත්තුවේදී ගේට්වේ ක්‍රීඩකයෙකු යොමු කළ පහර ශාන්ත තෝමස් ක්‍රීඩකයෙකුගේ පාදයේම දැවැටී ශාන්ත තෝමස් දැල වෙතටම යැමත් සමග ඓතිහාසික තරගයේ ප්‍රථම ගේට්වේ ගෝලය වාර්තා කිරීමට සමත් විය. ඒ මොහොතේදී ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයන්ට හිමි වු නිදහස් පහරක් ගෝලයක් බවට පරිවර්නය කර ගැනීමට ඩි.එස්. ඉබනසීර් සමත් වීමත් සමග තරගය තියුණු තරගයක් බවට පරිවර්තනය විය. එහෙත් 38 වැනි මිනිත්තුවේදී ගේට්වේ ක්‍රීඩක අරීබ් නියාස් ගෝලයක් ලබාගැනීමත් සමග තරගයේ වාසිය නැවතත් ගේට්වේ ක්‍රීඩකයන් සතු විය. ඒ අනුව පළමු අර්ධය අවසන් වන විට 2 – 1ක් ලෙස ගේට්වේ ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ.
දෙවන අර්ධය ආරම්භ වී 50 වැනි මිනිත්තුවේදී නැවතත් ක්රීයාත්මක වු අරීබ් නියාස් ගේට්වේ කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. ඉන් පසු 3 – 1ක් ලෙස පෙරමුණේ පසුවු ගේට්වේ ක්‍රීඩකයන් වෙත 67 වැනි මිනිත්තුවේදී ශාන්ත තෝමස් විද්‍යාලයේ ටී. එස්. ජේ. විරතුංගගෙන් ප්‍රතිවාදීන්ට පිරිනැමුණු තවත් ගෝලයක් හිමිවිමත් සමග 4 – 1 ක් ලෙස ගේට්වේ කණ්ඩායම ප්‍රබල ස්ථානයක්ට පැමීණිමට සමත් විය. 67 වැනි මිනිත්තුවේදී තම කණ්ඩායම් සාමාජිකයාගෙන් වු වැරැද්ද හේතු කොට ගෙන ශාන්ත තෝමස් විද්‍යාලය අසරණ තත්වයකට පත් විය. තරගය නිමා වන තුරුම ගේට්වේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් ජව සම්පන්නව තියුණු තරගයක් දියත් කරමින් ප්‍රතිවාදීන්ට ගේට්වේ දැල කරා යෑමේ සියලු හිඩැස් අවහිර කරමින් ආරක්ෂා කාරී ලෙස ක්‍රිඩා කළේය. අවසන් මොහොතේදී ගේට්වේ ජාත්‍යන්තර පාසලේ එස්. කාගේඩආරච්චි ලබාගත් ගෝලයත් සමගින් ගේට්වේ ජාත්‍යන්තර පාසල ගෝල 5 – 1කින් ශාන්ත තෝමස් විද්‍යාල පරාජය කිරීමට සමත් විය.
ප්‍රධාන තරගාවලියට සමගාමීව පැවැති සහයක තරගවලින් වයස අවුරුදු 14න් පහළ ශාන්ත තෝමස් පාසල හා ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර පැවැති බාලක තරගයෙන් ගෝල 1කට – 1ක් ලෙස නිමාවට පත් විය. පසුව දඬුවම් පහර යොමු කර තරගයේ තීරණය ලබාගත් අතර දඬුවම් පහර 3ට – 0ක් ලෙස වාර්තා කළ ගේට්වේ ජාත්‍යන්තර පාසල ජය වාර්තා කළ අතර කොළඹ විශාකා විද්‍යාලය හා ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර පැවැති අවුරුදු 20න් පහළ බාලිකා ප්‍රදර්ශනාත්මක තරගයෙන් ගෝල 2 - 0 ක් ලෙස ජයවාර්තා කිරීමට විශාකා විද්‍යාලය සමත් විය.
ප්‍රධාන තරගාවලියේ හොඳම දැල් රකින්නා හා වටිනාම ක්‍රීඩකයාට හිමි කුසලාන දෙකම ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ආකීබ් ඉමිතියාස් හා අරීබ් නියාස් විසින් දිනාගත් අතර 14න් පහල බාලක තරගාවලියේ දක්ෂතම දැල් රකින්නා ලෙස ගේට්වේ ජාත්‍යන්තර පාසලේ දුනිත හෙසර කරුණාදාස කුසලාන දිනාගත්තේය. ගේට්වේ ජාත්‍යන්තර පාසලේ රවිඳු ඩයස් 14න් පහළ තරගයේ වටිනාම ක්‍රීඩකයා ලෙස ඇගැයිමට ලක් විය.
වයස අවුරුදු 20න් පහළ බාලිකා තරගයේ කුසලාන ද්විත්වයම විශාකා විද්‍යාලයට හිමි වු අතර විශාකා විද්‍යාලයේ අමාශා විතානගේ දක්ෂතම දැල් රකින්නිය ලෙසද ඉමේෂා වර්ණකුලසූරිය වටිනාම ක්‍රීඩිකාව ලෙසද ඇගැයීමට ලක් වූහ.
from silumina
0 Comments