ඔරු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන විශේෂඥයන් යැයි කියූ පිරිසක් විසින් සම්පාදිත යෝජනාවලියක් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ තැබීය. එසේ තබා ව්‍යවස්ථාවක් තබා කෙටුම්පතක් වත් නැතැයි කියයි. එහෙත් මෙහෙයුම් කම්ටුවක් හා සහායට උප කම්ටු 6 ක් පත්කොට මාධ්‍ය අනාවරණය කරන පරිදි ජනතා මුදලින් රුපියල් මිලියන ගණනක් වැය කොට වසර තුන හමාරක් තිස්සේ කළේ කුමක්දැයි ඇසීමට ඔබටත් මටත් අනුල්ලංඝනීය වූ අයිතියක් තිබේ.
සියල්ලන්ටම ගැළපෙන දේශජ ව්‍යවස්ථාවක් හදමු
පළමුවෙන් ම රටකට අවශ්‍ය වන්නේ කුමන ව්‍යවස්ථාවක් දැයි ත’රණය කළයුත්තේ ඒ රටේ සමස්ත ජනතාව මිස විදේශ බලවේගයක් වත්, එන්ජී ඕවක අතලොස්සක් දෙනකුවත් නොවන බව කිව යුතුය. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සැකස’මට පෙර ජනතාව දැනුවත් කොට, සෑම තරාතිරමකම ජනතාවගේ අදහස් විමසා, අධිරාජ්‍යවාදයට සම්බන්‍ධව තිබූ පෙකනිවැල ද කපා, අපේම කියා ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගත්තේය. ඒ ක‍්‍රමවේදයම අනුගමනය කළ ටැංසානියාව, හංගේරියාව, සැම්බියාව වැනි රටවල් ද තම ව්‍යවස්ථාවන් වෙනස් කළේ ජනමතයට අනුකුලවය. හේතුව රටේ මූලික න’තිය වන්නේ එරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වන නිසා ය.
එහෙත් සංවාදයට බඳුන්ව ඇති යෝජිත ව්‍යවස්ථාව සඳහා කළ ජන සමීක්‍ෂණය හුදෙක් රැුවටිල්ලක් පමණක්ම විය. එය අව්ව ඇති වෙලාවේ පිදුරු වේලා ගැන’මේ ක‍්‍රමයට අනුව, ලහියේ කරන ලද්දක් විය. ඒ සඳහා පත්ව සිටියේ සාමාන්‍ය ජනතාවගේ හෘද ස්පන්‍දනය නොදත් පොතේ ගුරුන් ය. අදහස් විමසුවේ තෝරාගත් කණ්ඩායම් වලින්ය. මහ නාහිමිවරු හා බුද්ධිමත් කණ්ඩායම් මග හැරියේ ය. අදටත් මේ පිළිබඳ සාමාන්‍ය ජනතාව පමණක් නොව, සරසවි සිසුන්, මධ්‍ය පංතික බුද්ධිමතුන් සහ දේශපාලකයන් තුළ වත් දැනුවත් භාවයක් නැත. ඒ නිසා රටට යහපතක් ගෙන එන්නේ යැයි කියන මේ යෝජනාවලිය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැන’මට පෙර, ජනතාව හමුවට ඉදිරිපත් කළ යුතුය. හේතුව පාර්ලිමේන්තුවක් ගන්නා ත’රණ සත්‍යයයෙන් තොර මුදලට, වරප‍්‍රසාද හා වරදාන වලට යටවී සැකසෙන ඒවා බැවිනි. එසේම ලංකා පාර්ලිමේන්තුව නියෝජනය වන්නේ සැබෑ මහජන නියෝජිතයන්ගෙන් නොව, ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ මොළය මිය ගිය, කොට්ට කඳන් වැනි බහුතරයක් වූ දෙපාවුන් ගෙන්ය. ඒ තුළ සිදුවන්නේ කුමක් ද? සිදු කළ යුත්තේ කුමක් ද? කථා කළ යුත්තේ හා නොකළ යුත්තේ කුමක් ද? යන්න ඔවුන් නොදන’. දන්නේ එකම එක දෙයක් පමණි. එනම් සාක්කුව පුරවා කයට සැප දෙන විධික‍්‍රමය පමණි.
නව ව්‍යවස්ථාව පිළිබඳ දැනුවත් කිරීමේ ඌනතා නිසා සාමාන්‍ය ජනතාවගේ දැන ගැන’ම පිණිස මෙකී යෝජනාවලියේ එන සංවේ දී යෝජනා කිහිපයක් ගෙන විමසා බලමු. එවිට එහි ඇති සද්භාවය හෝ අසද්භාවය හඳුනාගත හැකි වෙයි.
බුදු දහමට ප‍්‍රමුඛස්ථානය දීම
72 පළමු සහ 78 වෙන ජනරජ ව්‍යවස්ථාවන් හි රටේ ඒකීයත්‍වය මෙන්ම බුදු දහමට ඇති ප‍්‍රමුඛස්ථානය එක ලෙසින්ම පිළිගෙන තිබේ යෝජිත සිව්වන ව්‍යවස්ථාවෙන් පමණක් මේ තත්ත්‍වය පද පෙරළි හා පටලැවිළි මගින් වෙනස් කිරීමට උත්සාහ ගෙන තිබේ. රටේ ඒකීයත්‍වය මෙන්ම බුදු දහමේ ප‍්‍රමුඛතාව පිළිබඳ කිසිවෙකුත් අමුතුවෙන් ප‍්‍රතිඥා දිය යුතු නැත. හේතුව කිසිවෙකුටත් එය අහෝසි කළ නොහැකි ඉතිහාසගත වුවක් බැවිනි. බුදු දහමට මෙරට ඉතිහාසය තුළ හිමිව ඇත්තේ ඉහළම ස්ථානයකි. පාලකයකු විය යුත්තේ ද බොදුනුවෙක් ම පමණි.
එසේම යෝජනාවලියට අනුව බුදු දහමට පළමු තැන දෙන්නේ ලංකාණ්ඩුව විසින් නොවේ. එහි සඳහන් වන්නේ ශ‍්‍ර’ ලංකාව බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය.” :ීරස ඛ්බන් ිය්කක ටසඩැ එද ඊමාායසිප එයැ දෙරපදිඑ චක්ජැ –්රඑසජකැ 9* යනුවෙනි. දියාරු වදනක් වන එයින් කරන්නේ ජනතාව මුළා කිරීමකිි. ආණ්ඩුවක් විසින් කළ යුතු දෙයක්, අප‍්‍රාණික වූ මහ පොලොවක් කරන්නේ කෙසේ ද? යන්න මෙහිදී ඇසීමට සිදුවේ. එසේම බුදු දහම සම්බන්‍ධයෙන් මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කළ විකල්ප යෝජනාවලියේ විකල්පයන් ගේ මාතෘකාව බුද්ධාගම යනුවෙන් යෙදිය යුතු ව ඇතත් එය ‘ආගම’ යනුවෙන් සඳහන් කරන්නේ බුදු දහමට විශේෂයක් නොදැක්වීම සඳහාය. එසේම බුද්ධාගම විෂය පාසල් තුළට එන්නේ ආගම නම් මල්ල තුළට දැමූ තවත් එක් සමයක් ලෙසයි. ඒ අනුව සියලූ ආගම් සාමාන්‍යකරණය කොට අනාගමික රාජ්‍ය සැබෑවක් කිරීමට, හෙමින් නමුත් ස්ථාවර ගමණක යෙදෙමින් සිටී. ශ‍්‍රී ලංකාව එසේ අනාගමික කිරීමට උපදෙස් දෙන නෝර්වේ රාජ්‍යයේ පවා පවතින්නේ එකම එක රාජ්‍ය ආගමයි. එය ඉවැන්ජලිකල් ලූතේරියන් ආගම වන අතර ඒ තුළ දරුවන් තැනිය යුතු බවට ව්‍යවස්ථාවෙන්ම බල කර සිටී.
රටේ ඇති ඓතිහාසික සිද්ධස්ථාන සහ පුරා විද්‍යාත්මක සාධක, අනුව බැලූවත්, මේ රටේ මහා සංස්කෘතියේ කඳ බුදු දහම සහ බුදු සසුන යි. ඒ බව අගරදගුරු තුමන් ද පැහැදිලිව පවසා තිබේ. එහෙත් අද දවසේ බුදු රුවට නිගරු කරයි නම්, බුදු බණ විහිළුවකට ගනීනම්, නිරුපද්‍රිතව පැවැති බුදු පිළිම කඩා ඉවත් කිරීමට හා පන්සල් තැනීම නතර කරන ලෙසට බලපෑම් එයි නම්, ඒ සඳහා අවි ආයුධ එක් රැුස්වේ නම්, ආණ්ඩුවේ පැවැත්ම ගැන පමණක් සිතා, බුදු පිළිම කැඩුවේ මානසික රෝගියෙක් බැවින් බෞද්ධයන් ට සන්සුන් වන ලෙසට නිවේදන නිකුත් කරන්නේ නම්, වෙහෙර බිමෙහි කෝවිල් තැන’මට කළහ කරයි නම්, බුදු සසුන රකින බවට හෝ බුදු දහමට ප‍්‍රමුඛස්ථානය දෙන බවට ලියවී ඇති හිස් වදන් වලින් ඇති ඵලය කුමක් ද? මෙහිලා අප අවධාරණය කර සිටින්නේ, බුදු දහමට ප‍්‍රමුඛත්‍වය දීමේ සැබෑ වුවමනාවක් එජාපයට ඇත් නම් කළ යුත්තේ මේ බිම් කඩ නොබෙදා මහ ආණ්ඩුවේ අධීක්‍ෂණය යටතේ, බලය පමණක් බෙදීමයි. නැතහොත් නව විධි විධාන කිසිවක් ඇතුළත් නොකර සිටීමයි.
පෙඩරල් වෘකයා හඳුනා ගනිමු
නව ව්‍යවස්ථා යෝජනාවලිය තුළ ශ‍්‍ර’ ලංකාව ඒකීය :මබසඒරහ* යැයි ද ඒකීය යන්නට දෙමළෙන් කියන
ඔට්ටි‍්‍රයාච්චි වෙනුවට එක්සත් කියන ඔරුමිත්තනාඩු :දරමපසඑඑය්බ්ාම* යන වදන ද යොදන විට දකුණේ
සිංහලයන් ට ඒකීය පෙන්වා පෙඩරල් ක‍්‍රමයකට හෙමින් සීරුවේ මාරුවෙන බවක් ඇඟ වෙයි. ඒ නිසා එය නිවැරැුදි කිරීම ව්‍යවස්ථා වඩුවන් ගේ වගකීමක් වෙයි. මේ පිළිබඳ ව්‍යවස්ථා වඩුුවන් සහ ආණ්ඩුවේ නායකයන් මහ නා හිමිවරුන් බැහැදැක පොත පෙරළමින් පොතේ පිටු ද පෙරළමින් මහන්සි වෙනවාට වඩා, තමන් ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් කළ යුත්තේ දැනට පවතින ව්‍යවස්ථාවේ ඇති ශ‍්‍ර’ ලංකා ජනරජය ඒකීය වන්නේය :ඍැචමඉකසජ දෙ ීරස ඛ්බන් සි ් මබසඒරහ ිඒඑැ* යන වගන්තියට කරදර නොකර විවේක සුවයෙන් සිටීමට ඉඩ සැලැස්වීම යි. ඒ තුළ මධ්‍යම හා පළාත් ආයතන නාස්තියෙන්, ¥ෂණයෙන් හා වංචාවෙන් තොර පාලනයක් කරනු දැකීම උතුරේත් දකුණේත් පොදු ජනතාවගේ අපේ්ක්‍ෂාවයි. ඒ නිසා ඒකීය යන්නට ඔරුමිත්තනාඩුව පටලවා ගත යුතු නැත. මේවා නැවත ශබ්ද නගා උච්චාරණය කළ යුතු ද නැත. ඒ නිසා රට හානිකර ව්‍යවස්ථාවක් සකසා බලය රැුකගැන’ම සඳහා කටයුතු කළහොත් එහි විපාක පරම්පරා ගණනාවක් විඳීමට සිදුවනු ඇත.
වලිගය විසින් බල්ලා වැනීම
1978 ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක් මධ්‍ය ආණ්ඩුව වෙත රඳවා තබා ගන්නේ පළාත් ආණ්ඩුකාර තනතුර සහ සමගාමී බලතල ලැයිස්තුවෙන්ය. ආණ්ඩුකාරයා යනු රටේම ජනතාවගෙන් තේරී පත් වූ ජනාධිපති වරයාගේ පළාත් නියෝජිතයා ය. යම් හෙයකින් මහ ඇමැති ප‍්‍රමුඛ පළාත් සභාවක් ජාතික අභිලාශයන්ට එරෙහි වෙමින් ස්වාධීනව හෝ හිතුවක්කාරීව කටයුතු කරයි නම් ආණ්ඩුකාරයා ගේ දැනුවත් කිරීම් මත එකී පළාත් සභාව මධ්‍යම ආණ්ඩුවට පවරා ගැන’මට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකුල බලයක් තිබේ. පේ‍්‍රමදාස ජනාධිපතිතුමා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති වර්ධරාජා පෙරුමාල්, ඊළම පිහිටු වීමේ ප‍්‍රයත්නයට ප‍්‍රතිචාර දැක්වූයේ ඒ අනුවය. එහෙත් යෝජිත ක‍්‍රමයෙන් ආණ්ඩුකාරයා ක‍්‍රියා කළ යුත්තේ මහ ඇමැති ප‍්‍රමුඛ පළාත් අමාත්‍ය මණ්ඩලයේ මතයට අනුවය.
එසේම මධ්‍යම ආණ්ඩුවට විශේෂිත බලතල ලැයිස්තුවක් සහ පළාත් සභාවක හිතුවක්කාරී ක‍්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා මහ ආණ්ඩුවට බලය පැවරෙන, එසේම දෙපාර්ශ්වයේ එකඟතා මත ක‍්‍රියාත්මක කළ හැකි, සමගාමී බලතල ලැයිස්තුවක් ද තිබුණි. ඒ නිසා වෙන්ව යෑමට තිබූ ඉඩකඩ ඇවිරිනි. එහෙත් යෝජිත කෙටුම්පතේ ආණ්ඩුකාරයා තෝරා ගන්නේ අද මෙන් ජනපති නොව මහඇමැති ය. ඒ මගින් පළාත් රාජ්‍ය සේවය මහ ඇමැතිට අවශ්‍ය පරිදි ක‍්‍රියාත්මක කළ හැක. එසේම සමගාමී බලතල ලැයිස්තුව මුළුමනින්ම ඉවත් කර ‘යෝජිත ඉඩම් සහ පොලිස් බලතල ද පැවරූ විට ඒ පළාතේ කටයුතු මහ ආණ්ඩුවේ බලපෑමෙන් නිදහස් වන තත්ත්‍වයක් තුළ’ සුමන්තිරන් හෝ විග්නේශ්වරන් වැනි මහ ඇමැතියෙකුට කළ නොහැකි කිසිවක් නැත.
අලි මදිවට හරක්
ගැමියන්ගේ මේ කියමන මතකයට නැගුණේ තියෙන 225 ක ගෙන් සමන්විත නිකමුන්ගේ සහ ¥ෂිතයන්ගේ බරට අමතරව තවත් 55 ක ගෙන් සමන්විත දෙවන මණ්ඩලයක් පිළිබඳ යෝජනා කෙරෙණ විටය. බැලූ බැල්මට දෙවන මණ්ඩලයක අවශ්‍යතාව දේශපාලන විද්‍යානුකූලව පිළිගත හැකි වුවත් එවැන්නක ඵලදායීතාව ගණනය කළ යුතුය 1948 සෝල්බරි ව්‍යවසථාවෙන් අප මත පැටවූ බොහෝ අංගයන් බැහැර කළේ ඒවායෙහි ඇති අතාර්කික හා ජනතාව මත පැටවූ අනවශ්‍ය බර නිසාය. එසේම ආර්ථික සංවර්ධනයක් නැති ස්වයංපෝෂණක් නැති ලංකාව කරටිය කා දමන සේනා දළඹුවන් වැනි පාර්ලිමේන්තුවක් සහ කඳ කා දමන කඳ පණුවන් වැනි පළාත් සභා මන්ත‍්‍රී වරුනුත්, මුල කා දමන වේයන් වැනි වූ ප‍්‍රාදේශ’ය සභා සහ අනෙකුත් දේශපාලන ව්‍යුහයකුත් හරි හරියට රට කන හැටි දුටුවම, තවත් 55 කුත් කන්ඩ ගියොත් රටක් ජාතියක් ඉතිරි වන්නේ නැත. මෙසේ කීමට සිදුවන්නේ රටට ජාතියට වැඩ කිරීමට බැඳ’ සිටින මතු කියවූ ජාතික හා ප‍්‍රාදේශ’ය මට්ටම්වල දේශපාලකයින් හා ඔවුන් පත් කර ගත් ඉහළ සිට පහළම මට්ටමේ ඉන්න ගමේ නිලධාරියා පවා තම යුතුකම ඉටු නොකරන විට තව තවත් ව්‍යුහයන් ඇතිකිරීමේ ඇති පලය කුමක් ද යන්න ගැන හිතන විට ය.
දෙවන මන්ත‍්‍රණ සභාවක කාර්යය විය යුත්තේ ප‍්‍රථම මණ්ඩලයේ හිතුවක්කාරි සහ අවිචාරශ’ල’ සහ ක්‍ෂණිකව ගනු ලබන තීන්‍දු තීරණ නිසා සමාජ ආර්ථික සංවර්ධනයට සිදු වන්නා වූ අලාභය අවම කිරීම වුවත්, යෝජිත දෙවන මණ්ඩලයේ බලතල හා කාර්යයන් අනුව පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු පරමාධිපත්‍යය හෙවත් ජනතා පරමාධිපත්‍යය පළාතක අභිමතයට යටපත් කිරීමයි. දෙවන මණ්ඩලයක් අවශ්‍ය නම් 72 එය අහෝසි කරන්නේ නැත. දෙවන මණ්ඩලයක අවශ්‍යතාව දැඩිව දැනෙන්නේ පෙඩරල් ‘සන්ධීය’ ආණ්ඩුකට ය. ලංකාව ඒකීය නම් පෙඩරල් අංග අමුණන්නේ කුමකට දැයි අසන අතරම එවැනි සුදු අලියන් නඩත්තු කරන්නේ ලිට්රෝ සමාගමෙන් දැයි අසන ජනතාව සාධාරණ නොවේ ද?
යෝජනාවලියට අනුව පාර්ලිමේන්තුවේ කිසිදු පනතක් පළාත් සහාවන්ගේ විශේෂයෙන්ම වැඩි නියෝජිත පිරිසක් හිමිවන උතුරු පළාත් සභාවේ අනුමැතියෙන් තොරව සම්මත කර ගත නොහැකි වේ. එසේම සාමාන්‍ය නීතියක් පවා නැවත සලකා බලන ලෙස පාර්ලිමේන්තුවට හරවා යැවීමට පළාත් සභාවකට හැකි වේ. එසේම ආණ්ඩුවේ නීතියක් මණ්ඩල දෙකෙහිම සම්මත නොවුණහොත් එය වලංගුද නොවේ. අපි වැනි අසංවර්ධිත රටකට අවශ්‍ය වන්නේ බුද්ධිමතුන්ගේ නියෝජන ආයතන තුළින් ගන්නා තීන්දු තීරණ කඩිනමින් ක‍්‍රියාවට නැගීම මිස ප‍්‍රමාදයන් නොවේ. .
දේශපාලකයන්ට බලය නොබෙදා ජනතාවට බලය බෙදමු
දැනට සිදුව ඇත්තේ බලය දේශපාලකයන් භූක්ති විඳිමින් ජනතාවට කොකා පෙන්වීමය. දකුණේ මෙන්ම උතුරේ සිදුවන්නේ ද එයයි. මහ ඇමැති, ආණ්ඩුකාරවරු, පළාත් ඇමැතිවරු, කාර්ය මණ්ඩල, වායුසමනය කළ හා සුගන්‍ධවත් කළ කාර්යාල, මහා මන්‍දිර වන් ගොඩනැගිලි, යාන වාහන, විදුලි සහ දුරකථන බිල්, සඳහා වැය වෙන මුදල ජනතා අධීක්‍ෂණයක් සහිත පරිපාලනය හරහා ජනතා සේවයට යෙදිය හැකි ය. සෑම ව්‍යාපෘතියකම අධීක්‍ෂකයා සමාජයේ තෝරාගත් බුද්ධිමත් මතුන්ට පැවරිය යුතුය.
එසේම බලය බෙදීම සමජාතීය සමාජයකට තරම්
බහුවාර්ගික හා බහුසංස්කෘතික සමාජවල දී සුමට නැත. එය ආවේගශීලීව හෝ බලයේ සිටීම සඳහාම කළ හැක්කක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ සමාජවාදී රටවල් පවා වාර්ගිකත්‍වය පාදක කොට බලය බෙදුවේ තෝන් ලණුව මහ ආණ්ඩුව අතෙහි තබා ගෙනය. අමෙරිකාව වැනි රටවල මධ්‍යම ආණ්ඩුවට ප‍්‍රාන්ත පාලනය තිරීමට නෛතික බලතල සහ මිලිටරිමය බලතල රඳවාගෙන ඇත. එසේම පළාත් සභා විසින් සම්පාදිත න’ති රීති (ප‍්‍රඥප්ති* පිළිබඳ ව්‍යවස්ථානුකුල භාවය තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට වත් නොහැකිය එය කළ හැක්කේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයටය. එය සැකසෙන්නේ විනිසුරුවන්ගෙන් නොවේ.
අවසාන වශයෙන් කිව යුත්තේ බලය බෙදීම හෙවත් වෙනම පාලනය දේශපාලකයන්ගේ මිස උතුරේ හෝ දකුණේ ජනතාවගේ අවශ්‍යතාව නොවේ. පළාත් සභා වළ වියදම සහ ඊට සාපේක්‍ෂක එහි ඵලදායීත්‍වය පිළිබඳ ගණනය කරන විට, පළාත් සභා ක‍්‍රමය සමස්ත ජාතියටම ඉසිලිය නොහැකි බරක් වී තිබේ. ඒ නිසා ලංකාව මුහුණ දී ඇති බෙදුම්වාදයටත්, ව්‍යවස්ථා අර්බුදයටත්, මූල්‍ය නාස්තියටත්, එකම විසඳුම පළාත් සභා අහෝසි කොට, ඒ සඳහා දැරීමට සිදුව ඇති අසීමිත වියදම, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හරහා මෙන්ම මහනගර සභා, නගර සභා, සුළු නගර සහා සහ ගම්සභා ක‍්‍රමය ඔස්සේ ජනතා සුබසාධනය සඳහා යෙදවීම යි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති හා මහාචාර්ය
ආර්. ඒ. ඩබ්ලිව්. රණසිංහ
0 Comments