Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ‍්‍රී ලංකාවේ නම වෙනස් කරන්න ඕනෑ…සුමන්තිරන් කියන කතාවම චම්පිකත් කියයි

ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී එසේත් නැත්නම් සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී යන නම් ඉවත්කර ශ‍්‍රී ලංකා ජනරජය නමින් හැඳින්නුවහම හොඳටම ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ මාතර වැලිගම වෙරළ උද්‍යානය නිරීක්‍ෂණ චාරිකාවකට සහ නාගරික සංවර්ධන මඟින් ඉදිකරන ලද නව මාළු වෙළඳසැල් වැලිගම නගර සභාවට පවරාදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

‘අපේ රටේ ජනාධිපතිවරු වෙන්න කට්ටිය පොර කෑවට රටේ තිබෙන ප‍්‍රශ්නය ගැන අවබෝධයක් නැහැ. අද අපේ රජයට සිදුවෙලා තිබෙනවා රටේ සංවර්ධනයට වැය කරන මුදල වගේ තුන් ගුණයක් ණය ගෙවන්න වැය කරන්න. මේ ප‍්‍රශ්නේ විසඳන හැටි කියන්න කවුරුත් නැහැ. හැමෝම නත්තල් සීයලා වගේ බෙදන එක ගැන තමයි කතා කරන්නේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();