තමන් සහ තම පාර්ශ්වය ඉදිරි ක්‍රිකට් නිලවරණයෙන් ජයගතහොත් රට ගැන සිතන පරිපාලනයක් සේම කණ්ඩායමක්ද ඇති කරන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි. තමන් සිටින ක්‍රිකට් පරිපාලනයකදී රට සහ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන, තමන් වෙනුවෙන් පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කරන බවද ඔහු අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ උඩුගම්පොල පැවැති ක්‍රීඩා උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
‘ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තියෙන්නේ තවත් මාස කිහිපයක් පමණයි. ලෝක කුසලානය දිනා ගන්න තියා අවසාන තරගවලට එන්න පුළුවන් තත්ත්වයක්වත් දැන් තියෙනවාද කියලා ප්‍රශ්නයක් අපට තියෙනවා. ක්‍රිකට් අද වැටිලා තියෙන්නේ ඉතා භයානයක තත්ත්වයක. මම පසුගිය වසර කිහිපයේම ක්‍රිකට්වලින් ඉවත් වෙලා සිටියේ. නමුත් තවදුරටත් එහෙම ඉන්න බැහැ. මහජනතාව මගෙන් ප්‍රශ්න කරනවා ඇයි මේ නිහඬ කියලා. ඒ නිසා තමයි මම මෙවර නිලවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ. පසුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට ආ සල්ලි කොහේ ගියාද කියලත් හොයනවා. මම ඒ සඳහා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ආශිර්වාදය ලබා ගන්නවා. අපි අපේ රටේ ක්‍රිකට්වලට ආ මුදල් ගසා කෑවේ කවුද කියලා හොරකම් කළේ කවුද කියලා රටට පෙන්වන්න ඕන’ යැයි රණතුංග මහතා පැවසීය.
ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය ඉහළට ගත යුතු බවත්, ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධ ප්‍රශ්න තිබෙන බවත්, රට තුළ ක්‍රීඩකයන් සිටින බැවින් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවක නොමැති ක්‍රීඩකයන් කණ්ඩායමේ සිටිය යුතු නැති බවත් කියා සිටියේය.
තමාට ක්‍රිකට් සභාපති ධුරයට සුදුසුකම් තිබුණත් ක්‍රිකට් නීතිය අනුව සභාපති ධුරයට තරග කළ නොහැකි බැවින් මෙවර නිලවරණයේදී උප සභාපති ධුරයට තරග කරන බවත් ඒ මහතා කියා සිටියේය.
0 Comments