ELN සංවිධානය විසින් එල්ල කරනු ලැබූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වලට ශ්‍රී ලංකා රජය බලවත් ශෝකය ප්‍රකාශ කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඊයේ (31) නිවේදනයක් නිකුත් කරමින් සිය ශෝකය පළකර තිබේ.
2019 ජනවාරි මස 17 වැනි දින කොලොම්බියාවේ බොගොටා නුවර පොලිස් විද්‍යා පීඨයට ඊඑල්එන් (ELN) සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මෙය ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකින බව එම අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජය කොලොම්බියානු රජයට සිය සහයෝගීතාව පළ කරන අතරම, ත්‍රස්තවාදී උවදුරෙහි සියලු ස්වරූපවලට එරෙහිව ප්‍රබල ලෙස සටන් කිරීමට අත්වැල් බැඳගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කරනු ලැබේ.
0 Comments