උතුරේ ජනතාවට ස්වයංපාලන අයිතිය ලබාදීමේ හිමිකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙස ඉල්ලමින් යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන 21 ක් සහ ති‍්‍රකුණාමල – මඩකලපු රදගුරුවරුන් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය වෙත සංදේශයක් යවා ඇත.
රජය ජිනීවා යෝජනාව ඉටුකර නැති නිසා වහාම නව යෝජනාවක් ගෙන එන ලෙසද මෙම සංදේශයෙන් ඉල්ලා ඇත.
මේ හැර යුද අපරාධ සිදුකළ ශ‍්‍රී ලංකා හමුදාවට දඬුවම් කිරීම සඳහා විදේශ විනිසුරන් සහිත හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කරන ලෙස ජාතික සංහිඳියා බළකාය කළ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා රජයට බලකරන ලෙසද එහි දක්වා ඇත.
මේ සංදේශයට අගරදගුරු හෝ වෙනත් කිසිම පළාතක රදගුරුවරුන් අත්සන් කර නැත.
0 Comments