Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ ආණ්ඩුවට නාඩි වැටෙන්නේ නැහැ

26 ජනවාරි, 2019

මේ වන විට ශ්‍රිලනිප අභ්‍යන්තරයේ විශාල අර්බුද රැසක් නිර්මාණය වෙලා තියෙනවා නේද? පුළුල් සන්ධානය පිළිබඳ ව පසුගිය දිනවල කතා බහට ලක්වුණත් මේ වන විටත් සන්ධාන ගතවීම පිළිබඳ ව කිසිදු එකඟතාවක් නැහැ නේද?

ශ්‍රිලනිපය අර්බුදයකට ලක්වෙලා කියලා මම හිතන්නේ නැහැ. අර්බුදය අද වන විට අවසන් වෙලා තියෙනවා. විශේෂයෙන් එම අර්බුද කාල පරිච්ඡේදය අවසන් වෙලා මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මහතා අද එක තැනක ඉන්නවා. ‍මහින්ද රාජපක්ෂ මහතා එජාප විරෝධි පිලේ සිටියා ‍හැමදාම; නමුත් ශ්‍රිලනිප ‍සිටිමින් එජාපය වෙනුවෙන් කටයුතු කරන අය අදත් ශ්‍රිලංනිප තුළ ඉන්නවා. ඒ අයයි මේ විකල්ප කණ්ඩායම් හදන්න කතා කරන්නේ.

ජනාධිපතිවරයාට සහය නොදුන්නොත් ඉදිරි මැතිවරණවලදි තනිවම තරඟ කර ජයග්‍රහණය කරන්නට ශ්‍රිලනිපය පුළුවන් වෙයිද?

මම හිතන්නේ නැහැ එසේ වෙයි කියලා. අපිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියලා තියෙන්නේ, එතුමා එජාප විරෝධි පුළුල් සන්ධානයක් හදනවා කියලයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතාත් අපි දැනුවත් කරලා තියෙන්නේ‍ එජා‍පය විරෝධි පුළුල් සන්ධානයකට යනවා කියලා. ඒ පුළුල් සන්ධානය ඉතා ශක්තිමත් එකක් වේවි.

ඒ පුළුල් සන්ධානය ඇතුළත ශ්‍රිලංනිපය වැනි මවු පක්ෂයක් ස්ථානගත වෙන්නේ කොතැනද කිව්වොත්?

අනිවාර්යෙන්ම ශ්‍රිලංනිපයත් හවුල්කාර පක්ෂයක් බවට පත්වෙයි. නිදහස් පක්ෂය මෙන්ම පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, නිදහස් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය ආදි මෙකි නොකී සියලු ම පක්ෂ ඒ වටා එකතු වෙනවා. මේ සියල්ල යුඑන්පී විරෝධි බල කඳවුරක් ලෙස එකතු වෙයි. මේ රටේ ඉදිරි අනාගත දිශානතිය සම්බන්ධයෙන්කිසියම් බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ වටා එකතු වීම අවශ්‍යයි.

යෝජිත ව්‍යවස්ථාව රට බෙදන ‍ෆෙඩරල් ව්‍යවස්ථාවක් බව පවසමින් විපක්ෂය බොරු බිල්ලන් මවමින් ජනතාව මුළාකරන බවට ආණ්ඩු පක්ෂය චෝදනා කරනවා.?

ආණ්ඩු පක්ෂයක් දැනගන්න ඕන රට රැක ගන්න. පළමුවෙන්ම යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතේ ඒකීයභාවය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා; යෝජිත කෙටුම් පතේ බුද්ධාගමට ලැබුණ ප්‍රමුඛස්ථානය පිළිබඳවත් ගැටලුවක් තියෙනවා. නමුත් එජාපෙ කියනවා එහෙම ගැටලුවක් නැහැ කියලා. ගැටලුවක් නැතිනම් තියෙන ව්‍යවස්ථාවේ වගන්ති වෙනස් කරන්නේ ඇයි කියලයි අපේ තර්කය. බහුතරය කියන්නේ තියෙන ව්‍යවස්ථාවේ එ් වගන්ති තියන ආකාරයට ම තියන්න කියලා. මේ රටේ සියලු දෙනා කියන වෙනස් විය යුතු අනෙක් කාරණා වෙනස් විය යුතු සේම; වෙනස් නොවෙන කාරණා වෙනස් නොවිය යුතුයි. මේ ව්‍යවස්ථාව 2017 වසරේ සම්මත කරගන්න තිබුණ ව්‍යවස්ථාවක්. මේ සම්බන්ධයෙන් 2016 ජුනි මාසයේ ජිනිවාවලදි ‍මේ සම්බන්ධයෙන් සාකච්ජාවක දී කිව්වා මේ ව්‍යවස්ථාව සම්මත කරන්න ශ්‍රිලංකා රජයට බල කරනවා කියලා. එල්ටීටීඊ ඩයස්පෝරාව කියන ලද දේවල් ක්‍රියාත්මක කරන්නයි මේ උත්සාහ කරන්නේ. එතකොට කවුද මේ ව්‍යවස්ථාව නිර්මාණය කෙළ්; සුමන්දිරම් මන්ත්‍රිවරයා සහ ජයම්පති වික්‍රමරත්න මහතායි. ජයම්පති වික්‍රමරත්න මේ ව්‍යවස්ථාවේ සම නිර්මාණකරු පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවලදී කතා කරපුවා අපි දැක්කා. සුමන්දිරම් මන්‍ත්‍රීවරයා පෙනී සිටින්නේ එල්ටිටීඊ ත්‍රස්තවාදය වෙනුවෙන්; එල්ටීටීඊ මතවාදය තමයි මේ අය පාර්ලිමේන්තුව තුළ ‍නියෝජනය කළේ. ඒ නිසා මේ ව්‍යවස්ථාව මේ අවස්ථාවේදි කිසිසේත් ගෙන ආ යුතු නැහැ.

බහුතර බලයක් පාර්ලිමේන්තුවේදි පෙන්වීමට ආණ්ඩු පක්ෂයට හැකි වුවහොත් ඔබ කියන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට හැකියාවක් තියෙනවා නේද?

අපිට දැඩි විශ්වාසයක් තියෙනවා, තුනෙන් දෙකක් පෙන්වීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ. අපිට පේනවා එල්ටීටීඊ ඩයස්පෝරාව පිටරටවල් වල මුදල් එකතු කරනවා; දැනටමත් ව්‍යවස්ථා සම්පාදනය කිරීමට නායකත්වය මෙහෙයවීම සහ සහයෝගය ලබා දෙන කණ්ඩායම් වලට මුල්‍යමය ආධාර ලබා දීමට අවශ්‍යයි කියලා. අද ආණ්ඩුවක 113 බහුතරයක් නැහැ. අද ‍උසාවියට පෙන්නපු බහුතරයත් නැහැ. තියෙනවා කියපු එකසිය දහතුනක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට 105 තිබුණ බලයත් අද එජාපට නැහැ. ඒ නිසා අපිට දැඩි විශ්වාසයත් තියෙනවා මේ දේ කරන්න බැහැ කියලා. විපක්ෂයේ බලපෑම් නිසයි ආණ්ඩුව අඩියක් පස්සට ගන්නේ. ඒනිසා මේ ව්‍යවස්ථාව සිහිනයක් පමණයි.

ර‍ට පුරා ව්‍යාප්ත වන සේනා දළඹුවන්ගේ ප්‍රශ්නය පිළිබඳ ව විපක්ෂය ආණ්ඩු පක්ෂයට නඟන චෝදනාව පදනම් විරහිත බව ඇතැමුන් සදහන් කරනවා?

පදනම් විරහිත වෙන්නේනැ. අද වන විට රට ම ව්‍යසයනයට පත්වෙනවා; සේනා දළඹු ප්‍රශ්නය නිසා. ආණ්ඩුව මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න මොකක්ද කරන්නේ. මේ ආණ්ඩුව මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නේ නැති ආණ්ඩුවක්. මේ ආණ්ඩුව නාඩි වැටෙන්නේ නෑ. අවුරුදු හතරක් තිස්සේ නියඟය තිබ්බා; කන්න හතක් ජනතාව පාඩු වින්දා. මේ ආණ්ඩු ගෙනාවේ බහු ජාතික සමාගම්; මේ ආණ්ඩුව මෙහෙයවන්නේ බහුජාතික සමාගම්; බහු ජාතික සමාගම් මේ රජයේ ඇමැතිමැතිවරුන් හොඳින් බලා ගන්නවා. ඒ නිසා ඒ අයට ඕන විදිහ‍ට එයාලට අවශ්‍ය බීජ, එයාලට අවශ්‍ය කෘෂි රසායන ද්‍රව්‍ය සියල්ල 2018 ගෙනාපු බඩ ඉරිගු ඇටවලින් ව්‍යාප්ත වුණා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

නමුත් මේ සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපිට ප්‍රශ්නය තියෙන්නේ අපේ රටේ බීජ ආනයනය කරන විට මාස තුනෙන් හතරෙන් ආනයනය කරන්න බැරි වීම. ඒ බීජ ගෙනල්ලා පර්යේෂණය කරලා නිරෝධා ආයතනයේ අනුමැතිය අරගෙන ද මේ ක්‍රියාදාමය සිදු කෙරෙන්නේ. සියලු කටයුතු සඳහා මාස අටක් දොළහක් අතර කාලයක් යනවා. අපිට අවශ්‍යයි දැන ගන්න මේ බීජ වල ප්‍රශ්නයක් නැති බවට අදාළ සහතික ගැන. නිරෝධා ආයතනයේ අනුමැතිය ලබාගත්ත සහතිකය අපිට දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. අනෙක් හැම රටක් ම මේ නිරෝධායතනයේ අනුමැතිය අනුවයි කටයුතු කරන්ෙන්. අෙප් රෙටේ විතරක් එක එක ඇමැතිවරුන්ට අවශ්‍ය විදිහට.

අඩුම වශයෙන් මේ සේනා වසංගතය මැඬලන්න ක්‍රම සොයාගත්ත අය ඉන්නවා; ඒ අයගෙන්වත් මේ සඳහා සහයෝගයක් ආණ්ඩුව ලබාගන්නේ නැති වීම ගැටලුවක්. අපේ රටේ පාරම්පරික කෘෂිකර්මාන්තයක් තිබ්බා. ඒෙහම ෙවලත් රජය බහුජාතික සමාගම් වලින් කෘමි මැඬලන්න ‍ක්‍රම හොයනවා. ආණ්ඩු විසින් සොයාගත්ත දේශිය ඖෂධ සොයා ගැනීම පිළිබඳ ව සැලකිල්ලක් නැහැ. ඒ නිසා මේ වෙන්නේ මේ රටේ ආහාර අර්බුදයක් නිර්මාණය වීමයි. එයට හේතුව දැන් බඩ ඉරිගුවලින් පටන් අරගෙන මෑකරල් ගෝවා වම්බොටු සහ එළවළු වලට පැතිරිලා වී වගාවට ව්‍යාප්ත වීමේ දැඩි අවධානයක් යොමු ‍කළ යුතුයි. ආණ්ඩුව කැමැති විදේශ ආනයනික ප්‍රතිපත්තියක් මත පවතින්නයි. එයයි මේ රජයේ ප්‍රතිපත්තිය.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();