Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් සමග පුද්ගලයින් තිදෙනෙකු හොරොව්පතාන නගරයේදී ද අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකටයුතු ත්‍රිරෝද රථයක් ඊයේ (30) දහවල් නවතා පරික්ෂා කිරීමේදී එහි ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙක් සන්තකයේ තිබී මෙම ව්‍යාජ මුදල් නොට්ටු තොඟය සොයා ගත් බව පොලීසිය පැවසීය.
 
එහිදී සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු 29ක් පොලිසිය බාරයට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29 වයස්වල පසුවන විහාරගම හා මහදිවුල්වැව යන ප්‍රදේශවල පදිංචිකරුවන්වේ. 
 
මෙම සැකකරුවන් අද(31) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරොව්පතාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();