අද අපි සියලු දෙනාම ධනවාදීන්ගේ න්‍යාය පත්‍රයකට සිරවෙලා වැඩකටයුතු කරන අතර අපිට ඉන් මීදීමට නම් රෝසා ලක්ස්ම්බර්ග් වැනි චරිත පරමාදර්ශි කර ගැනීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(24) සාමාජීයිය සාමයික කේන්ද්‍රයේ පැවැති රෝසා ලක්ස්ම්බර්ග්ගේ සියවැනි සැමරුම් රැස්වීමකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ ප්‍රධාන ලේකම්වරයා මෙසේද කීය:
මේවන විට අපේ රට ගැඹුරු අර්බුද කිහිපයකට මුහුණ දෙමින් සිටිනවා. රටේ සෑම ප්‍රදේශයකටම පාහේ ජනතාව ජීවත්වීමේ ප්‍රශ්නයට මුහුණ දෙමින් පීඩනයට පත්වෙලා. මේවාට විසඳුම් සෙවීම සඳහා වමේ දෘෂ්ඨියක් අවශ්‍ය වෙනවා. මේ වකවානුවේ වමේ දේශපාලනය, වමේ නායකයන් ගැන කතාවෙනවා අඩුයි. මේවා රසවත් නැහැ මාර්කටින් නැහැ නමුත් අපි මුහුණපාලා තිබෙන ගැටලුවලට විසඳුම් තියෙන්නෙත් මේ කතාබහ තුල කියලා අපි විශ්වාස කරනවා. රෝසා ලක්ස්ම්බර්ග්ගේ සියවැනි සැමරුම සමරන මේ අවස්ථාවේදී අපේ රටේ වැඩකරන පන්තිය සෑහෙන්න පීඩනයට පත්වෙලා. ඇයත් සටන් කළේ වැඩකරන පන්තිය වෙනුවෙන්. විශේෂයෙන් .
මේවනවිට අරගලයක් යනවා වතුකම්කරුවන්ට වැටුප් වැඩිකර ඉල්ලමින්. ඒ අයට මෙතෙක් ලැබුණේ රුපියල් පන්සීය ගණනයි. එය ජීවත්වෙන්න නොහැකි නිසා රුපියල් දහසක් ඉල්ලනවා. දැන් තිබෙන තත්ත්වය මත එයිනුත් ජීවත්වෙන්න අමාරුයි. එහෙත් එම මුදල් ප්‍රමාණය වැටුපට ඉල්ලා සිටිනවා. තමන්ගේ වැටුප් වරප්‍රසාද වැඩිකරගන්න දඟලන මැති ඇමතිරු මීට උනන්දුව හා අවධානය යොමුකරන්නේ නැහැ. වැඩකරන ජනතාවට සිය අයිතිවාසිකම් ලැබෙන්නේ සමාජවාදය තුල පමණක් බව රෝසා ලක්ස්ම්බර්ග් පෙන්වා දුන්නා. ඇය අපට හමුවන්නේ ස්ත්‍රීවාදිනියක් ලෙස නොවේ කොමියුනිස්ට්වාදිනියක් ලෙසයි. ඇයගේ කාර්ය කාන්තාවන්ට පිරිමින්ට කියලා වෙන් වුණේ නැහැ දෙගොල්ලන් වෙනුවෙන්ම ක්‍රියාකළා. ඇය පෝලන්තයේ ජිවත්වුණු අතර දෙවන ජාත්‍යන්තරයේ කටයුතු කළා. එහි බෙදිමක් ඇතිවු අවස්ථාවේදි ඇය සමාජවාදය වෙනුවෙන්ම පෙනි සිටියා. රෝසා නැතිවි දැන් වසර සීයක් ඉදිරියට පැමිණ තිබෙනවා. ධනවාදයෙන් මොනවාද කාන්තාවන්ට ලැබි තියෙන්නේ. එදා කාන්තාවන්ට ඡන්ද බලය තිබුණේ නැහැ.එම අයිතීන් ලබාගැනීමට කාන්තාවන් වැඩබිමේ සිදුවන අසාධාරණකම්වලට එරෙහිව රෝසා හඬ නැගුවා. එදා නිවසේදි සූරාකෑමට ලක්වුවත් දැන් වැඩබිමේත් සූරාකෑමට ලක්වෙනවා. වැඩ නිමාවි යළි වැඩට යන ගැහැණුන් දැන් තමයි මේ ධනවාදය තුල දකින්නේ. දැන් සූරාකෑමේ තීව්‍රතාවය වැඩිවෙලා තියෙනවා.
මේ ධනවාදය තුල කාන්තාවන්ට නිවනක් නැති ජීවිතයක් සකස් කරලා තියෙනවා. සෞඛ්‍ය, ප්‍රවහනය හා අධ්‍යාපනය අර්බුදයක තියෙන බව පැහැදිලියි. අපේ රටේ කාන්තාවන් වැඩියෙන්ම පීඩනයට පත්වෙලා තියෙන්නේ අධ්‍යාපනය නිසයි. . අපේ කාන්තාවන් උදේට පාසැල් ළඟ සිටිනවා. සවසට ටියුෂන් පන්ති ළඟ සිටිනවා. රාත්‍රියට රූපවාහිනිය ළඟ සිටිනවා. සමාජය සමග ගැටෙන්න සිතන්න වේලාවක් නැහැ. ධනවාදය විසින් සකස් කරලා තියෙන ධනවාදි න්‍යාය පත්‍රයට අනුව තමයි වැඩකරන්න තියෙන්නේ ඉන් පිටත කිසිවක් කරන්න බැහැ. මීට වඩා වෙනස් ලෝකයක් තියෙනවාද කියලා හිතන්න බැහැ. මැරෙනකල් මේ ජීවිත සිරකරලයි තියෙන්නේ. මෙම ධනවාදීන්ගේ සැලසුමට පිටින් සිතන අයට තමයි විප්ලවවාදීන් කියලා කියන්නේ. රෝසා සම්ප්‍රදායෙන් පිටත ගියා. රෝසාගේ දේශපාලන ජීවිතය සාර්ථකයි. අපි කව්රුත් පෞද්ගලික ජීවිත සාර්ථකයි කිව්වට අපි සියලු දෙනා සිටින්නේ නොයෙකුත් ප්‍රශ්න මැදයි.
එදා රෝසා හා ලෙනින් අතර විවාදයක් තිබුණා. ඇය පැවසුවේ සමාජවාදීන් ලෙස අපි එකට සිටිමු කියලයි. නමුත් ලෙනින් පැවසුවේ කැමැති අයට වෙන්විය හැකි බවයි.රෝසා එදා දේශපාලනය දඩයම් කරන කාලෙක තමයි මේ අරගලය කරගෙන ගියේ. අපේ රටේ දේශපාලනයේ මග පෙන්වීමේ සාකච්ඡාවක් නැහැ. අපේ රටේ දේශපාලන සංවාදය බොහෝම සරලයි ඊළඟ ඡන්දයේදි කව්ද මැතිවරණයට ඉදිරිපත් වන්නේ. ගෝඨාභයට ඉල්ලන්න හැකිද. නමුත් ඒ මහතාට රට හදන්න හැකිද කියලා සංවාදයක් නැහැ. රට මෙතැනින් ඉදිරියට ගොඩගන්න හැකිද සංවාදයක් නැහැ. ඒ සඳහා දාර්ශනික, ප්‍රතිපත්ති සංවාදයක් අවශ්‍යයි. අපි ධනවාදයේ විසිඑක්වෙනි සියවසේ ජීවත් වෙනවා කිව්වට අපේ ජනතාවගේ චින්තනය කොහේද ඒ අයගේ චින්තනය තියෙන්නේ වැඩවසම් තැනක සිරකොටයි.
මෙහිදි මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි හා මේ වැඩසටහන මෙහෙයවු සමාජවාදි කාන්තා සංගමයේ නිධාරිනියෝද අදහස් දැක්වූහ.
0 Comments