නීතිපතිවරයා හා පොලිස්පතිවරයා පත් කිරීමේ දී එම පත් කිරීම් සිදුකළ ව්‍යවස්ථාදායක සභාවට කිසිදු බලපෑමක් සිදුනොවූ බවත් ස්වාධීනව ක්‍රියාත්මක වන කොමිසමක් ලෙස එම පත් කිරීම් සිදුකර ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) ප්‍රකාශ කළේය.
ව්‍යවස්ථාදායක සභා සාමාජිකයන් පත් කර ඇත්තේ ස්වාධීනව කටයුතු කිරීමට බව අවධාරණය කළ අගමැතිවරයා එම පත් කිරීම් සිදු කිරීමේ දී එක්සත් ජාතික පක්ෂයට හෝ සෙසු පක්ෂවලට බහුතර බලයක් නොමැති බවත් පැවැසීය.
ඉහළ තනතුරු පත් කිරීමේ ව්‍යවස්ථාදායක සභාව, අමෙරිකානු පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව යමින් සැකසූ ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් බවත් අගමැතිවරයා සඳහන් කළේය.
17 වැනි හා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත මේ ක්‍රමය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කර තිබූ බව ද පැවැසීය.
මේ පත් කිරීම පිළිබඳ විමසිය හැක්කේ කතානායකවරයාට හා ජනාධිපතිවරයාට වුවත් ජනාධිපතිවරයාට නොමැති වේදනාවක් පිටස්තරයන්ට ඇතිවී තිබෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කිහිප දෙනකු මතු කළ කරුණුවලට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.
නීතිපති පොලිස්පති පත්කිරීමේ දී කිසිදු බලපෑමක් ඇති වුණේ නැහැ. ඉහළ තනතුරු පත්කිරීමේ අන්තිම තීරණය ව්‍යවස්ථාදායක සභාව සතුයි. එය අමෙරිකානු ක්‍රමවේදය අනුව ක්‍රියාත්මක වෙනවා. එය ප්රජාතන්ත්රවාදී ලක්ෂණයක්. 17 වැනි හා 19 වැනි සංශෝධනයන් යටතේ මේ පත් කිරීම් සිදුකළේ. අන්තිම තීරණය තිබෙන්නේ මේ සභාවටයි. ව්‍යවස්ථාදායක සභාව තුළ කාටවත් බහුතරය නැහැ. ස්වාධීනව සිතා බලා තීන්දු තීරණ ගන්නවා.
ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ කතානායකවරයා තීරණයක් දිය යුතුයි. එක්සත් ජාතික පක්ෂය කියා වෙනම කණ්ඩායමක් ව්‍යවස්ථාදායක සභාව තුළ නැහැ. ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීමේ දී අගමැතිවරයාටත්, විපක්ෂ නායකවරයාටත් පස් දෙනකු පත් කිරීමේ හැකියාව තිබෙනවා. සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයා ලෙස සිටිය දී හැම පක්ෂයටම අදහසක් තිබුණා, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සාමාජිකයකු පත් කළ යුතු බවට. එතුමා එක පත් කිරීමක් සන්ධානයට දෙන්න කැමති වුණා. මේ වසරේ දී චමල් රාජපක්ෂ මහතා එතැනින් ඉවත් වුණා. එය පුරවන්න තමයි අපි සාකච්ඡා කළේ. තවම එම පුරප්පාඩුවට නම් කර නැහැ. සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර අපි තීරණයක් ගන්නවා. මේ ඉහළ පත් කිරීම් ගැන ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ මෙතරම් හිතනවනම් මාක් ප්‍රනාන්දු මහතා අග්‍රවිනිශ්චයකාර ධුරයට පත්වෙන්න තිබුණා. එහෙම පත් කළේ නැහැ. ඒ වෙනුවට සරත් එන් ද සිල්වා මහතා පත් කළා. ශිරාණි බණ්ඩාරනායක අග්රවිනිශ්චයකාරවරියට කරපු දේ කතානායකවරයාත් දන්නවා. 17 වැනි සංශෝධනය මුළු සභාවම එකතු වෙලයි සිදුකළේ. කතානායක, අගමැති, විපක්ෂ නායක එම පත්වීම කළා. නමුත් පස්සේ ආපු මහින්ද රාජපක්ෂ මහතා එම ක්‍රියාදාමය ගෙන ගියේ නැහැ. පත් කිරීම් සිදුකළේ නැහැ. 18 වැනි සංශෝධනය ගෙනල්ලා සංයුතිය වෙනස් කළා. ඕන එකක් කරන්න ඉඩ දුන්නා. එහෙත් ජනාධිපතිවරණයෙන් පැරදුනා. පැරදිලා දැන් අලුත් තත්ත්වයක් ඇති වෙලා.
0 Comments