Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශහිතෛෂීන්ගේ වගකීම

අපේ රට දැන් පත්ව සිටින තත්ත්වය රටට හිිතැති සැවොම දැනගතයුතුව ඇත. අප පත්ව සිටින්නේ බෙදුම්වාදීන් විසින් උතුරේ වෙනම රාජ්‍යයක් කරා යෑමට සැලසුම් කළ ක‍්‍රියාදාමයේ අවසාන කොටසටය. එය මෙසේ පැහැදිය හැක. මොන්ටීවිඩියෝ ජාත්‍යන්තර ගිවිසුම සහ නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළ පෘතුගාලය විසින් ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ පැවැති නඩුවේ නඩු තීන්දුවට අනුව රටක වෙසෙන යම්කිසි ජන කොට්ඨාසයකට වෙන්වී වෙනම රටක්/ රාජ්‍යයක් පිහිටුවා ගැනීමට නම් කරුණු/ කොන්දේසි කිහිපයක් සපුරා තිබිය යුතුය.

දේශ හිතෛෂීන් යනු රටට ජාතියට දේශයට හිතැති අයයි. අපේ රටේ එවන් ”හිතවතුන්” දහස් ගණනක් සිටිති. ඔවුන්ගේ වගකීම කුමක් විය යුතුද ? ඔවුන්ගේ වගකීම වනුයේ දේශයට යම් ”අනතුරක්” සිදුවීමට යන්නේ නම් එය වළකාලීමට පෙළ ගැසීමයි. එසේ පෙළ නොගැසී එම අනතුර දැක දැක එය සිදුවන තුරු බලා සිටින්නේනම් දේශ හිතෛෂී භාවයෙන් කිසිදු පලක් නොවේ.

අප කවුරුත් දන්නා පරිදි අද රට මුහුණ පා තිබෙන ප‍්‍රධාන අනතුර ඊනියා ව්‍යවස්ථාව සංශොධනයයි. මේ යහපාලන රජය, තමාට පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයක්වත් නැතිව තිබියදී, මෙවන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක් ගෙන එන්නේ ජනතාවටවත්, රටටවත් අවශ්‍ය නිසා නොවේ. එසේ කරන මෙන් ජිනීවා 30/1 යෝජනාවෙන් රජයට නියෝග කර තිබෙන බැවිනි. ජිනීවා යෝජනා වල තිබෙන නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට කිසිදු රටක් බැඳී නොමැති වුවත් අපේ රට 30/1 යෝජනාවේ තිබෙන්නා වූ එම ඊනියා නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට බැඳී සිටින්නේ අප ඇමරිකාව විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය දැක්වූ බැවිනි. ලෝකයේ කිසිදු රටක් අද වන තුරු තමාගේ රටේ හමුදාවන් යුද අපරාධ කළා යැයි ජාත්‍යන්තරයේ පිළිගෙන තමාගේ රටට විරුද්ධ යෝජනාවකට එකඟවී නොමැත. අනාගතයේත් කිසිදා එසේ නොවනු ඇත. අප දේශ හිතෛෂීන් වශයෙන් එම තත්ත්වයට සිනාසිය යුතුද නැතිනම් හැඬිය යුතුදැයි මට නොතේරේ.

අපේ රට දැන් පත්ව සිටින තත්ත්වය රටට හිිතැති සැවොම දැනගතයුතුව ඇත. අප පත්ව සිටින්නේ බෙදුම්වාදීන් විසින් උතුරේ වෙනම රාජ්‍යයක් කරා යෑමට සැලසුම් කළ ක‍්‍රියාදාමයේ අවසාන කොටසටය. එය මෙසේ පැහැදිය හැක. මොන්ටීවිඩියෝ ජාත්‍යන්තර ගිවිසුම සහ නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළ පෘතුගාලය විසින් ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ පැවැති නඩුවේ නඩු තීන්දුවට අනුව රටක වෙසෙන යම්කිසි ජන කොට්ඨාසයකට වෙන්වී වෙනම රටක්/ රාජ්‍යයක් පිහිටුවා ගැනීමට නම් කරුණු/ කොන්දේසි කිහිපයක් සපුරා තිබිය යුතුය. ඉන් පළමු වැන්න ඔවුන්ට වෙනම පළාතක් තිබිය යුතුවේ. එය එසේ වී ඇත. දෙවැන්න එම පළාතේ එම ජන කොට්ඨාසය ජීවත් විය යුතුය. උතුරේ අද 99 / කට වඩා සිටින්නේ දෙමළ ජනතාව පමණි. 25000 ක් පමණ සිටි සිංහල ජනතාව සහ 15000 ක් පමණ සිටි මුස්ලිම් ජනතාව, ප‍්‍රභාකරන් විසින් කළ ජන වාර්ගික ශූද්ධයේ ප‍්‍රතිඵලයක් ලෙස ඝාතනයට ලක් වී හෝ එලවා දමා හෝ ඇත. එබැවින් එම දෙවැනි කරුණද ඔවුන් සපුරා තිබේ. ඊළඟ කරුණු වන්නේ එම ජන කොට්ඨාසය විටින් විට සමූල ඝාතනයට ලක්විය යුතු බව සහ ඔවුන්ට නින්දාසහගත අයුරින්, අපහාස වන අයුරින් සැලකීම සහ නිරතුරුවම හිංසාවට භාජන වීමයි. මේ සඳහා උතුරේ හිටපු මහ ඇමැති විග්නේශ්වරන් දැනටමත් ඉතා සූක්‍ෂම ලෙස ක‍්‍රියා කර තිබේ. 2015 සිට 2018 දක්වා ඔහු විසින් සිංහල ජාතියට, සිංහල හමුදාවට සහ සිංහල නායකයන්ට විරුද්ධ ඉතා සාවද්‍ය කාරණා අඩංගු යෝජනා 27 ක් උතුරු පළාත් සභාවේ අනුමත කරගෙන තිබේ. එම යෝජනා වල තිබෙන්නේ විශේෂයෙන් යුද්ධය පැවති කාලය තුළ හමුදාව මඟින් දෙමළ ජනතාව වරින් වර සමූල ඝාතනයට ලක් වූ බවයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් විදේශීය තානාපති වරුන් දැනුවත් කර ඇති අතර, එ.ජා. මානව හිමිකම් කවුන්සිලයද දැනුවත් කොට තිබේ. තවන් එක් සම්මත කරගත් යෝජනාවකින් ප‍්‍රකාශ කරන්නේ 1948 සිට අද වනතුරු මේ රට පාලනය කළ සිංහල නායකයන් ඉතා සූක්‍ෂම ලෙස සහ සැලසුම් සහගත ලෙස දෙමළ කාන්තාවන් වඳභාවයට පත් කළ බවයි. එය ඉතා නින්දිත බොරුවක් බැව් සියල්ලෝම දනිති. නමුත් ඒ එකදු සම්මත කරන ලද්දා වූ යෝජනාවක් මේ යහපාලන රජය කිසිදාක ප‍්‍රතික්‍ෂේප කර නොමැත. ප‍්‍රතික්‍ෂේප නොකරන්නේ එය පිළිගන්නා නිසා බැව් ඕනෑම කෙනෙකුට තර්ක කිරීමට පුළුවන. එසේ නම් ඉහත කී කොන්දේසි සියල්ල අද වන විට බෙදුම්වාදීන් සපුරා තිබේ.

දැන් ඉතිරිව තිබෙන්නේ තවත් එක් කොන්දේසියක් පමණි. වෙන්වයෑමේ ජාත්‍යන්තර තීන්දුවලට අනුව එම කොන්දේසිය වනුයේ යම් ජන කොටසකට පරමාධිපත්‍යය බෙදී යන ආකාරයට බලය බෙදා තිබියදී මධ්‍යම රජය විසින් එම බලය ක‍්‍රියාත්මක කිරීමට ඉඩ නොදේ නම් ඔවුන්ට වෙන්ව යා හැකි බවයි. දැන් රනිල් වික‍්‍රමසිංහගේ සහායෙන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ගේ සහායෙන් සුමන්දිරන් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා ගැනීමට තැත් කරන්නේ එම බලයයි. එම බලය ලැබෙන තුරු ඔවුන් ඉතා සාමකාමීව සිටී. ඉතා කඩිමුඩියේ මේ රජයේ කාලය තුළදීම ඔවුන් ජනතාවගේ ඇසට වැලි ගසා මෙම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට සැරසෙන්නේ එබැවිනි. එම ”බලය” ලබාගත් වහාම ඔවුන් කරන්නේ ”ගැටුමකට” යෑමයිි. උදාහරණයක් වශයෙන් පොලිස් බලතල උපයෝගි කරගෙන වෙරළ ආරක්‍ෂක පොලිසියක් නිර්මාණය කොට නාවික හමුදාව සමඟ ගැටුමක් ඇති කර ගනී. ඉන් පසු නාවික සෙබළෙකුට නගරයේ පහර දෙයි හෝ ඔහුව ඝාතනය කරයි. පසුව සිංහල හමුදාව මෙන් සැරසුනු කල්ලියක් සිංහල කතා කරමින් දෙමළ ගම්මානයකට පහරදී වැසියන් කිහිප දෙනෙක් ඝාතනය කරයි. මධ්‍යම රජය එවිට ක‍්‍රියාත්මක වන විට ජාත්‍යන්තරය මැදිහත්වෙයි. (සර්බියාවෙන් කොසොවෝ වෙන් වන විටද සිදුවූයේ එයයි. සිවිල් වැසියන් ඝාතනය කරන ලද්දේ කොසොවෝ ගරිල්ලන් විසිනි. එයට පලිගැනීමක් වශයෙන් නේටෝ හමුදා සර්බියාවට පහර දෙන විට එක්සත් ජාතීන්ගේ සංගමය මැදිහත් වී කොසෝවා වලට වෙන්ව යෑමට අවසර දුනි.) දැන් සිදුවී තිබෙන්නේ පරමාධිපත්‍යය බෙදී යන ආකාරයට ලබා දී ඇති බලයක් මධ්‍යම රජය විසින් කියාත්මක කිරීමට ඉඩ නොදීමයි. දැන් වෙන රටක්/ රාජ්‍යයක් ලෙස උතුරට වෙන්ව යෑමට ජාත්‍යන්තරයට අනුව සියලූම කොන්දේසි ඔවුන් විසින් සපුරා තිබේ. මෙම ව්‍යවස්ථා සංශෝධනය හෝ 20 වන සංශෝධනයෙන් උතුර ඊළම කරා යන්නේ ඒ ආකාරයටයි. එසේ නම් දේශ හිතෛෂීන් ලෙස අප තවදුරටත් නිහඬව සිටිමුද ?

වසර 5 කට බලයට විත්, එයද පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයක් හෝ නොමැතිව, මෙසේ අප මව් බිම බෙදා වෙන් කරන ව්‍යවස්ථාවක් යෝජනා කිරීමට හෝ කෙනෙකුට අයිතියක් තිබේද? නැත. එසේනම් දැන් යහපාලන රජය කළ යුත්තේ ඔවුන්ගේ එම ව්‍යවස්ථා යෝජනාවලිය ජනතාවට ඉදිරිපත් කොට ඒ සඳහා ජනවරමක් ලබා ගැනීමට මහ මැතිවරණයකට යෑමයි. මහ මැතිවරණයකදී ඔවුන්ට ආසන 150 කට වඩා වැඩියෙන් ලැබුනහොත් ඔවුන්ට තමා කැමති එම ව්‍යවස්ථාවක් අනුමත කළ හැක. සමස්ත ජනතාව කැමතිනම් අප කුමක් කරමුද? එනිසා අප කියා සිටින්නේ මෙම ව්‍යවස්ථාව පෙන්වමින් මහ මැතිවරණයකට වහා යා යුතුයි කියායි.

අද දේශ හිතෛෂී ජාතික සංවිධාන රට පුරා විසිරී තිබේ. ජාතික මතයේ සිටින අයද බොහෝ වෙති. රට මෙවන් අනතුරකට පත්වීමට යන මෙවන් මොහොතක ඒ සියලූ ජාතික සංවිධාන/ පුද්ගලයන් ඒකරාශී විය යුතු කාලය දැන් එලඹ තිබේ. එසේ ඒකරාශී වී සෑදෙන බලවේගය මඟින් යම් කිසි බලපෑමක් කරන්නේනම් එයට කන් නොදී සිටීමට දේශපාලඥයන්ට නොහැකි වනු ඇත. අප දැන් කළ යුත්තේ එයයි. ඒ සඳහා දැන් ”ජාතික සමතා බලවේගය” මූලිකත්වය ගෙන ක‍්‍රියා කරන අතර, දිවයිනේ නන් දෙසින් විසිරී ඇති ජාතික සංවිධාන එමඟන් ඒකරාශී කරගෙන යනු ලබයි. ඒ සඳහා ජාතික මතයේ සිටින සියලූ පුද්ගලයන්ට, සංවිධානවලට අප සමඟ එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. මාතෘ භූමිය බේරා ගැනීම සඳහා අප සැම එක්වෙමු.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();