“2008 වසරේ ඉදලා ලංවිම අලාභ ලබමින් සිටිනවා. වසර 3 යි ලාභ ලබලා තිබෙන්නේ. මෙම කාලසීමාව තුළ ඇමතිවරු කිහිප දෙනෙක් ඉදලා තිබෙනවා. ඒ අය කරපු දේවල් තුළින් නිර්භීත තීන්දු ගන්න බැරිවීම තමයි මේ අලාභයට හේතුව. ගැටලුවක් තිබෙනවා. මෙම ගැටලුව විසදන්නේ කොහොමද කියලා තමයි අපි හිතන්න ඕන. ඒ ගැටළුව විසදන්න ජනාධිපති, අගමැති ප්රමුඛ කැබිනට් මන්ඩලය විසින් ස්ථීරසාර විසදුමක් සොයනවා. මම දේශපාලනය කරන්නේ කාටවත් යටත්වෙලා නෙමෙයි. ඒ විදියට බයවෙලා දේශපාලනයක් කරන්න බැහැ. නමුත් ලංවිම ඉංජිනේරු සංගමයේ සහ වැඩ කරන පිරිස්වල වටිනා අදහස් අරගන තමයි මම වැඩකරන්නේ. රු. 23.00 ට ජනනය කරලා රු.16.00 ට විකුණලා ලාභයක් ලබන්න පුළුවන්ද. අපි මේකට අවතීරණ වෙන්නේ ස්ථීර විසදුමක් ලබාදෙන්න මිසක් තාවකාලිකව ව්‍යාපාරිකයින්ට අවස්ථාවක් දෙන්න නෙමෙයි. නමුත් මෙය දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වසර 15 ක් බැරිවුණ දේකට අපි මේ කෙටි කාලය තුළ දැනටමත් ශක්තිමත් අඩිතාලමක් දැම්මා කියලා මට කියන්න පුළුවන්. ඇමතිවරු එනවා. තීන්දුවක් ගන්න යනකොට බයේ වෙව්ලනවා. ඒ වෙව්ලීම තුළින් ඇතිවෙන දෙදරීම තමයි අද රටට ඇතිවෙලා තිබෙන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
ඒ මහතා මෙම අදහස් පළකලේ, පසුගියදා පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේදී උන්වහන්සේ බැහැදැකිමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
“මේ රටේ 2015 සිට තවමත් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන්න විදුලිය උත්පාදනය කරන්න කිසිම වැඩපිලිවෙලක් ඇතිවෙලා නැහැ. බොහෝම මන්දගාමී ස්වරූපයක් තමයි විදුලි ක්ෂේත්රයේ තිබෙන්නේ. සෑම වර්ෂයකම 7% ක් 8% ක් විදුලි ඉල්ලුම වර්ධනය වෙනවා. නමුත් ඒ වැඩිවන ඉල්ලුම සපුරාලන්න විදුලිය උත්පාදනය කෙරෙන්නේ නැහැ. මේක තමයි ගැටළුව.
මම කවදාවත් ප්‍රතිපත්ති වෙනස් කරලා නැහැ එදා මම කියපු දේ මේ වසර 4 ඇතුලත කළානම්, මේ ප්‍රශ්න නැහැ. එදා නිවැරදි දේශපාලන තීන්දු තීරණ නොගත්ත එකේ පාපකර්මය අද අපේ කරපිට වැටිලා. ඒත් අපි නිර්භීතයි. ජනතාවට කිසිම බරක් නොවෙන විදියට අපි විදුලිබල මන්ඩලයේ දක්ෂ සේවක පිරිස් එකතුවෙලා ගැටලු නිරාකරණය කරගෙන වැඩකරගෙන යනවා. අවුරුදු ගනනාවක් තිස්සේ තිබුණ ප්‍රශ්න දින ණනනක කෙටි කාලසීමාවකින් විසදන්න මට අපහසුයි. නමුත් අපි සාකච්ඡා මාර්ගයෙන් සදාකාලයටම මෙම ගැටළුව විසදන්න කටයුතු කරගෙන යනවා. මගේ අමාත්‍යාංශ ලේකම්වරයා විෂය සම්බන්ධයෙන් ඉතා දක්ෂව කටයුතු කරනවා. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. නමුත් අද තිබෙන ප්‍රදානතම ගැටලුව තමයි වැඩකරන පුද්ගලයාට මේ රටේ තැනක් නොතිබීම. මමත් අද ඒ තැනට වැටිලා සිටිනේ. වළං සෝදන කෙනා අතින් තමයි වළං බිදෙන්නේ. ඒ වගේ වැඩකරන කෙනාටම තමයි පහර වදින්නේ. එක්සක් ජාතික පක්ෂය ජනතාවත් සමග සිටින පක්ෂයක්. ඒ නිසා අපි ප්‍රශ්න වලින ලිස්සලා යන්නේ නැහැ. එහෙම කරන්නේ ජනතාව ඉදිරියට යන්න බැරි අය වෙන්න ඇති. සමස්තයක් වශයෙන් අපට ඒ වගේ ලේබල් ගහන්නෙපා. අපිට ඉදිරියෙන්ම තිබෙන්නේ ජනාධිපතිවරණයක්. නමුත් කුමන මැතිවරණයක් ආවත් එක්සත් ජාතික පක්ෂය බය නැහැ” යැයි පැවසීය.
The post ඇමතිවරුන්ගේ වෙව්ලීම සහ දෙදරීම ගැන ඇමති රවී කියයි. appeared first on Lanka News Column.
0 Comments