අඛණ්ඩව ශීඝ්‍ර ලෙස පහළ යමින් පැවැති රාජ්‍ය ආදායම් තත්ත්වය සහ අධික රාජ්‍ය ණයබර යන දැවැන්ත ආර්ථික අභියෝග ජය ගැනීම උදෙසා වසර 2015 න් පටන් ගෙන මේ වසර දක්වාම වැර දරන මහා භාණ්ඩාගාරය, මේ වසර සඳහා වූ ජාතික අය - වැය මාර්තු මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇත.
මේ වසරේ ජාතික අය - වැය මුහුණදෙන අභියෝග, ජනතාවට අත්වන ප්‍රතිලාභ පිළිබඳව මෙන් ම අයවැයේ දිශානතිය කවරාකාර වේද? යන්න පිළිබඳ යම් කතිකාවක් ගොඩනැඟීම කාලෝචිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ දේශපාලන, ආර්ථික හා සාමාජික අංශ ප්‍රගමනයට රට භාර ගත්තේ වසර 2015 දී ය. එදා අප රට මුහුණදුන් දැවැන්තම ආර්ථික අභියෝගය වූයේ රජයේ ආදායම ශීඝ්‍රයෙන් පහළ යෑම සහ රජය විසින් ගෙවීමට සිදුවී ඇති අධික දෙස් විදෙස් ණය කන්දයි.
මේ දැවැන්ත ආර්ථික අභියෝගය ජයගනිමින් වසර තුනක් ඉදිරියට ආ ශ්‍රී ලංකාවට මේ වසරේ පටන් තම ඉතිහාසයේ විශාලතම ණය වාරිකය හා පොලී මුදල ගෙවීමට සිදුවී තිබේ. මේ අභියෝගය ජය ගන්නා අතර, එළැඹ ඇති වසර මැතිවරණ වසරක් වීමත්, ජනතාවට වැඩි වශයෙන් සහනාධාර ලබාදීම හා සංවර්ධන වැඩ කටයුතු වේගවත් කිරීමක් කළ යුතුව තිබෙන නිසාත් බලධාරීන්ට මේ තත්ත්වයන් මනාව කළමනාකරණය කිරීම දැඩි අභියෝගයක්ම වනු ඇත.
ශ්‍රී ලංකා ආර්ථිකය වසර 2015 න් පසු වර්ධනය වූයේ මන්දගාමීවයි. එයට දෙස් විදෙස් අභියෝග රාශියක් මෙන් ම කාලගුණික බලපෑම් ද හේතු විය. වසර 2015 සිට අඛණ්ඩව වගා කන්න 7 – 9 ක් නිසි ලෙස වගා කටයුතු සිදු කිරීමට ගොවි ජනතාවට අවස්ථාව අහිමි වූයේ ස්වාභාවික විපත් හේතුවෙනි. මේ නිසා කෘෂිකාර්මික අංශයේ වර්ධනය මන්දගාමී විය.
මෙවැනි අභියෝග හමුවේ පවා රටේ ආර්ථිකය සුරක්ෂිත කර ගැනීම සඳහා අපනයන ආදායම් ඉහළ නංවා ගනිමින්, රටට ගෙන එන විදේශ විනිමය වැඩිකර ගැනීමට, සංචාරක කර්මාන්තයේ හා විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ වැඩිකර ගැනීමට වැඩපිළිවෙළ රාශියක් රජය ක්‍රියාවට නැංවීය. මේ නිසා ම ඉතිහාසයේ ඍජු විදේශ ආයෝජනය ලෙස එක්සත් ජනපද ඩොලර් වැඩිම ප්‍රමාණයක් රටට ගෙන ඒමට වසර 2017 දී හැකියාව ලැබිණි. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වසර 1955 න් පසු වාර්තා විය.
ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණදෙන දැවැන්තම අභියෝග රාජ්‍ය ආදායම අඩුවීමයි. එලෙස රාජ්‍ය ආදායම අඩු වුව ද, රාජ්‍ය වියදම් ශීඝ්‍ර ලෙස ඉහළ යෑම සිදුවේ. මේ නිසා අයවැය හිඟය පියවා ගැනීමට වැඩි වැඩියෙන් දෙස් විදෙස් ණය ලබා ගැනීමට සෑම රජයකටම සිදුවී තිබේ.
එහෙත් ගතවූ වසර තුනේ - හතරේ රජය තම ආදායම ක්‍රමිකව වැඩි කරගැනීමට තව ප්‍රතිසංස්කරණ හඳුන්වා දී කටයුතු කළේය. වසර 30 කට පෙර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 28 - 30% මට්ටමේ පැවැති රාජ්‍ය ආදායම මෑතක් වන විට 11 – 12% මට්ටමට අඩුවී තිබේ. මේ අන්දමට රාජ්‍ය ආදායම අඩුවීම වෙනුවට එය වැඩි කර ගැනීම රජය ක්‍රියාත්මක කළ නව ප්‍රතිසංස්කරණ නිසා මේ වන විට එය 13 – 14 % මට්ටමට ළඟා වී තිබේ. එම ප්‍රමාණය වසර 2020 දී 1% ක් දක්වා වැඩිකර ගැනීම ඉලක්ක කොට මේ වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරනු ලැබේ.
රජයේ ආදායම් අඩුවීම වෙනුවට වැඩි කිරීමටත්, රජයේ වියදම් නාස්තියෙන් දූෂණයෙන් තොර වඩාත් ප්‍රතිඵලදායි, විනිවිද පෙනෙන ආකාරයෙන් සිදු කිරීමටත් රජය මෙවර අය වැයෙන් යෝජනා ගෙන එනු ඇත.
රජයේ ආදායම් ඉහළ නංවාගෙන රජයේ හා පෞද්ගලික අංශයේ ඉහළ සහභාගිත්වයක් ඇති කොට නව ව්‍යාපාර පහසුවෙන් ක්‍රියාවට නැංවීමට දිරි දීම මෙවර අය වැයෙන් සිදුවිය යුතු මූලික අවශ්‍යතාවකි. අයවැයෙන් රෙට් නව ව්‍යවස්ථාවක පරපුරකට දිරි දෙන අතර, පවත්නා ව්‍යාපාර දේශ සීමා අතික්‍රමණය කිරීම වෙත තල්ලු කළ යුතුව ඇත.
රටේ ශීඝ්‍ර යටිතල පහසුකම් ජාලයක් දියුණු කළ යුතු අතර ගම - නගරය කඩිනමින් සම්බන්ධ වීමට දිරි දිය යුතුවේ. ඒ අනුව ගමේ ජනයාගේ නිෂ්පාදන කඩිනමින් නගරය වෙත රැගෙන යෑමටත්, ඒ ඔස්සේ ඉතා ඉහළ ආදායමක් ගෙම් ජනයාට ලබා ගැනීමට අවස්ථාව ලබාදීමත් සිදුවිය යුතු ය. මේ අන්දමට නව නගරය යා කැරෙන යටිතල පහසුකම් නංවාලන ගම් පෙරළිය ජාතික වැඩපිළිවෙළ මේ වසරේ වැඩි ප්‍රමුඛතාවයක් ලබාදී ක්‍රියාත්මක කිරීමට අයවැයෙන් මුදල් ලබාදෙනු ඇත.
දැනට එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 200 ක් ලෙස ලබාදෙන මුදල රුපියල් මිලියන 300 ක් දක්වා මිලියන 100 කින් වැඩි කර තිබේ. එපමණක් නොව ගමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අංශ 12 වෙනුවට තවත් අංශ එක් කොට ඇත. මේ සියලු දේ සමඟින් නව තාක්ෂණය, නව නිපැයුම් දිරිගැන්වීම, ආයෝජකයින්, බදු සහන පිරිනැමීම, ව්‍යවසායකයින්ට අරමුදල් පහසුවෙන් ලබාදීම ඉලක්ක කොට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පුළුල් කොට නැවත ආරම්භ කිරීමට අයවැයෙන් ජවයක්, සවියක් ලබාදෙනු ඇත.
රටේ යටිතල පහසුකම් නංවාලන අතර, ප්‍රධානම සම්පත වන මානව සම්පත බලගැන්වීම සඳහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, පෞද්ගලික අංශයට අවශ්‍ය බලගැන්වීම පිරිනැමීම සිදු කරනු ලැබේ. රටේ මානව සම්පතේ තම හැකියාවන් වැඩි දියුණුකර ගැනීමට නව තාක්ෂණය, නව කළමනාකරණය, පරිපාලන ක්‍රමවේද පිළිබඳ දැනුම ලබාදීම වේගවත් කරනු ලැබිය යුතුයි.
රටේ මානව සම්පතේ දැනුම, ආකල්ප දියුණු කිරීමත්, රටින් අල්ලස, දූෂණය තුරන් කිරීමත් ඉලක්ක කොට විනයගරුක නීතිගරුක සමාජයක් බිහි කිරීමට වැඩි අවධානයක් අයවැයෙන් ලබාදේ.
රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීන හා කිසිවෙකුගේ අත පෙවීම්වලින් තොර බවට දැනටත් වඩා සහතික කිරීමට ඉවහල් වන යෝජනා ගෙන එනු ඇත. රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය ඉහළ නංවා ගන්නා අතර, ස්වභාවික සම්පත් මනාව රටේ ආර්ථික දියුණුවට ගළපා ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපාර වැඩිදියුණු කිරීමට අය වැයෙන් බලගැන්වීම ලබාදිය යුතුව තිබේ.
රටට ඇඳි එන විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට, බැංකු පද්ධතිය සුරක්ෂිත කොට ජනතාවට පහසු කිරීමට අවශ්‍ය නීතිමය බලගැන්වීම් ලබාදීමට නව අණපනත් ගෙන ඒමට යෝජනා කිරීම මෙවර සිදු වේ.
මේ සියලු අංශ ආවරණය වන පරිදි ප්‍රතිසංස්කරණ හා නව යෝජනා ඉදිරිපත් කරවන අතර, රජයේ සේවකයින්ගේ වැටුප් හා වේතන, අතිකාල දීමනා, සමාජ සුබසාධන වියදම් වන පොහොර සහනාධාරය, පාසල් පෙළ පොත්, නිල ඇඳුම්, සෞඛ්‍ය අංශ වැඩි දියුණු කිරීම, සමෘද්ධි දීමනා, විශ්‍රාම වැටුප්, ඉහළ නැංවීම සිදුවේ.
මෙයට අමතරව රෙට් රජය ගෙවිය යුතු දෙස් - විදෙස් ණය කන්ද කිසිදු ප්‍රමාදයකින් තොරව ගෙවීමට ද සැලසුම් කොට ඇති ආකාරය මෙවර අය වැයෙන් රජය පැහැදිලි කරනු ඇත.
ශ්‍රී ලංකාව නීල - හරිත ආර්ථිකයක් ඔස්සේ ඉදිරියට ගොඩගැනීමට ඉකුත් අය වැයෙන් ඉලක්ක කළ දේ මෙවර වඩාත් වේගවත් කළ යුතු වේ. රජයේ බදු ප්‍රතිපත්තිය හා බදු පරිපාලනය තුළ හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ වේගවත් කළ යුතු ය. එමෙන් ම රජයේ වියදම් ඉහළ යෑමට සාපේක්ෂව රටේ ආර්ථික වර්ධනය ඉහළට ඔසවා තැබීමට මඟපාදන යෝජනා ක්‍රම මෙවර අය වැයෙන් ඉදිරිපත් කළ යුතු වේ. සුබසාධනය, සංවර්ධනය හා ජාතික සමඟිය, සංහිදියාව රජයන මැදි ආදායම්ලාභී රටක් ලෙස නොව ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනැගීමට මෙවර අයවැයෙන් ජවය ලබාදිය යුතුය. එය රජය ඉටු කරනු ඇත.
from silumina
0 Comments