Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘කුෂ්‘ සමඟ ඉරාන ජාතික කාන්තාවක් දැලේ

කුෂ් (Kush) නැමැති වඩාත් වැඩි දියුණු කරන ලද ගංජා විශේෂයක් සමඟ ඉරාන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. 
 
අදාළ ඉරාන ජාතික කාන්තාව අද(31) අළුයම දෝහා කටාර් සිට ගුවන් යානයකින් පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
අදාළ කාන්තාව 24 හැවිරිදි ඉරාන ජාතික ගෘහ නිර්මාණ ශිල්පිනියකි.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඇය විසින් රැගෙන එනු ලැබූ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක රුපියල් ලක්ෂ  පහක් පමණ වටිනා ග්‍රෑම් 400 ක් බර මෙම ගංජා තොගය සගවා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන ඇති බවය.
 
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();