පසුගිය රාජපක්ෂ පාලන සමයේදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළ රජයේ රසපරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇතයි වාර්තා වේ.
ඒ, එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව ජනවාරි 08 වනදාට පරීක්ෂණවල ප්රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් මහේස්ත්රාත්වරයා විසින් නියෝග කර ඇත.
මෙම නඩුවේ ප්රධාන සැකකරුවකු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ද එදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත .
The post වැලිකඩ සමුල ඝාතනයේ රස පරීක්ෂක වාර්තා තවම නැහැ. appeared first on Lanka News Column.
0 Comments